වෙද මහතකු හරි නීතිඥයකු හරි තෝරා ගැනීම
මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ කතා කරන එක හොඳයි. ඒකෙ පැති ගණනාවක් තියෙනවා. කවුරු හරි කිවුවොත් තමන්ට දෙවියන්ගෙන් හරි භූතයකුගෙන් හරි දැනුම ලැබෙනව කියල අපි එය විශ්වාස කරන්නෙ කොහො ම ද? ඕනෑම හොරෙකුට තමන්ට දෙවියන් සම්බන්ධ යැයි කියමින් අනෙක් මිනිසුන් රවටන්න බැරි ද? මේ ලියා පදිංචි නැති දැනුම අප විශ්වාස කරන්නේ කෙසේ ද?
මා ලියා පදිංචි දැනුම වශයෙන් සලකන්නේ සහතික පත්
ලද්දවනුන්ගේ දැනුමයි. එය ලන්දේසින් හා පසුව ඉංගිරිසින් තමයි අපට හඳුන්වා දී
තියෙන්නෙ. මා කියා ඇති ඉංගිරිසින් ලෝකයක්
පාලනය කෙළේ දැනුම කළමනාකරණයෙන්. ලියා පදිංචි දැනුමත් ඒ කළමනාකරණයේ කොටසක්. අපට අද
ඇත්තේ ඉංගිරිසි පාසල් පමණයි. මා ඉංගිරිසි පාසල් යනුවෙන් හඳුන්වන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන්
උගන්වන පාසල් නොවෙයි. ඉංගිරිසින්ගේ අධ්‍යාපනය මොන බසකින් හරි ලබා දෙන පාසලක්
ඉංගිරිසි පාසලක් ලෙස හඳුන්වනවා.
අපේ අධ්‍යාපනය සහතික පත් ලබා දෙනවා. ඒ සහතික
සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනෙනවා. 1969 ජනවාරියෙ මා එංගලන්තයේ සසෙක්ස්
විශ්වවිද්‍යාලයට ඇතුල් වුණු දවසෙ ම එහි ගණිතමය හා භෞතිය විද්‍යා පාසලේ (School of
Mathematical and Physical Sciences) තාක්‍ෂණ නිලධාරියකු වශයෙන් සේවය කළ සිංහලයකු මට මුණ ගැසුනා. මාත්
ඇතුල් වී සිටියේ ඒ පාසලේ ම තාරකා විද්‍යා මධ්‍යස්ථානයටයි. ඒ නිලධාරියා තාරකා විද්‍යා
මධ්‍යස්ථානයේ ආචාර්යවරුන්ගෙන් දැන ගෙන තිබුණා ලංකාවෙන් ශිෂ්‍යයකු පැමිණීමට නියමිත
බව.
ටික වෙලාවක් ආගිය තොරතුරු කතාවල නිරත වීමෙන්
පසුව ඔහු මට කිවුවා තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්යවරයකු ඔහු සමග කී දෙයක්. ඒ
ආචාර්යවරයා කියා තිබුණේ මා තම මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමේ දී කිසිම ප්‍රශ්නයක්
නොතිබූ බවත් ලංකා විශ්වවිිද්‍යාලයේ උපාධිය පිළිගැනෙන බවත්. එහෙත් ඉන්දීය විශ්වවිද්‍යාලවල
උපාධිධාරීන් පශ්චාත් උපාධි අපේක්‍ෂක සිසුන් ලෙස බඳවා ගැනීමේ දී පරීක්‍ෂාවට ලක්
කෙරෙන බවත්. ඒ නිලධාරියා ඒ බව මට කිවුවෙ ආඩම්බරයකින්. මාත් එදා ඒ අහගෙන හිටියෙ
ආඩම්බරයකින්.
මියන්මා භික්‍ෂූන් වහන්සේ ලංකාවට වැඩම කරනවා
අපේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගැනීමට. ඒ පාලි බෞද්ධ දර්ශනය බෞද්ධ ශිෂ්ඨාචාරය
වැනි විෂයවලින්. මියන්මා භික්‍ෂූන් වහන්සේ තුන්සිය නමකට වැඩි පිරිසක් ලංකාවෙ ඉගෙන
ගන්නවා. එහෙත් මියන්මාහි ඇති බෞද්ධ අධ්‍යාපනය ඉතා ඉහළයි කියා තමයි කියන්නෙ.
මියන්මා වඩින සිංහල භික්‍ෂූන් වහන්සේත් ඒ බව පවසනවා. මට ප්‍රශ්නයක් වුණෙ එසේ නම්
මියන්මා භික්‍ෂූන් වහන්සේ ලංකාවට වැඩම කරන්නෙ ඇයි ද යන්න. මට ලැබුණු පිළිතුර වුණෙ
ලංකාවෙ උපාධිය බටහිර රටවල පිළිගැණෙන නමුත් මියන්මා උපාධිය පිළිගැනෙන්නෙ නැති බව.
මේ සහතික පිළිගැනීම පිටුපස විවිධ හේතු කාරණා
තියෙනවා. අපේ අනුකාරකත්වයත් එක් ප්‍රධාන හේතුවක්. බටහිර වෙද මහතකු හරි බටහිර නීතිඥයකු
හරි අපට හඳුනගන්න අපහසුවක් නැහැ. ඊනියා විධිමත් අධ්‍යාපනයක් ලැබ අවසානයේ නීති විද්‍යාලයෙන්
හරි විශ්වවිිද්‍යාලයකින් හරි සහතික අරගෙන අදාළ ආයතනවල ලියා පදිංචි අය නීතිඥයන්
බටහිර වෙද මහතුන් ලෙස සමාජයේ පිළිගැනෙනවා. එහෙත් ධම්මික වෙද මහතා හරි ප්‍රියන්තා
සේනානායක මහත්මිය හරි වෙද මහතකු වෙද හාමිනේ කෙනකු ලෙස පිළිගැනෙන්නේ කෙසේ ද?
එය සහතිකවලින් තීරණය කරන්නක් නො වෙයි. එය
සමජයීය ප්‍රශ්නයක්. අපි ඒ කරන්නේ කෙසේ ද යන්න පසුව සාකච්ඡා කරමු. දැනට වෙනත් ප්‍රශ්නයක් කතා කරමු. බටහිර නීති ක්‍ෂෙත්‍රයේ
හරි බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ හරි සහතික ලත් අය අතරින් දක්‍ෂයන් වෙන් කරන්නේ කෙසේ
ද? මිනිසුන් නඩු කීම සඳහා හරි ප්‍රතිකාරයක් කර
ගැනීම සඳහා හරි නීතිඥයකු හරි බටහිර වෙද මහතකු හරි තෝරා ගන්නේ කෙසේ ද?
සමහර නීතිඥයන්ට නඩු පෝලිමේ ගලා එද්දී තවත්
සමහරු මාර්ග නීති කඩකළ අය අල්ලා ගැනීමට උසාවි භූමියේ එහාට මෙහාට දුවන්නේ ඇයි? නීතිිඥයන්
අල්ලන නඩු කියන්නන් ඉන්නවා. ඒවගේ ම නඩු
කියන්නන් අල්ලන නීතිඥයන් ඉන්නවා. බටහිර
වෙද මහතුන් වෙද හාමිනේලා අතරත් මේ ප්‍රශ්නය තියෙනවා. සමහරුනට චැනල් තියෙනවා.
සමහරනෙට වැලේ වැල නැහැ. එහි දී සමාජය සලකන්නේ සහතිකය ද වෙනත් දෙයක් ද? චැනල්
නැති සමහරු ගබ්සා කරනවා.
එය ගුරුවරුන් හා වෙනත් අය සම්බන්ධයෙන් ද ක්‍රියා
කරනවා. හැම ගුරුවරයාගේ ම උපකාරක පංති සාර්ථක වන්නේ නැහැ. ප්‍රථම උපාධියේ ප්‍රථම
පංති සාමාර්ථයක් තිබූ පමණින් සිසුන් රොද බැඳගෙන ඒ ගුරුවරයාගේ පංතිවලට සහභාගි වන්නේ
නැහැ. විශ්වවිද්‍යාලවල ගුරුවරුන් අර 80% නීතිය ක්‍රියාත්මක නොකළොත් දැන ගනීවි
සිසුන් සහභාගි වන්නෙ කාගෙ දේශනවලට ද කියල.
අපි ගෙදර වැඩට වඩු බාසුන්නැහැ කෙනකු හරි මේසන්
බාසුන්නැහැ කෙනකු හරි තෝරා ගන්නේ කොහොම ද? ඔවුන්ගෙ සහතික බලා නො වෙයි. ඒ
සඳහා සමාජය විසින් යම් ක්‍රියා මාර්ගයක්
සකස් කරල තියෙනවා. බටහිර වෙද මහතකු තෝරා ගන්න එකත් නීතිඥයකු තෝරා ගැනීමත් සහතික මත
පමණක් කෙරෙන දෙයක් නො වෙයි.