මේ අන්තිම ලිපිය නො වේ
මේ මා සයිටම් ගැන හෝ වෙනත් කරුණක් ගැන හෝ ලියන අන්තිම ලිපිය නො වෙයි.
එහෙත් අන්තිම ලිපිය ලිවීමට එතරම් කලක් ඉතිරි වී ඇතැයි කියන්න බැහැ. ඒ මා වැඩි කල්
යෑමට පෙර මිය යෑම නිසා නො වෙයි. ලිපි කියවීමට ජාතියක් ඉතිරි නොවීම නිසයි. අප
ඉතාමත් අඳුරු යුගයකට, භීෂණයකට පිය නගිමින් ඉන්නවා. එයට ප්‍රධාන
වරදකරුවන් වනුයේ බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය සභාව, ඊනියා පෙරටුගාමීන්, ව්‍යාජ සමාජවාදීන් ද වූ සිවල් සාමාජිකයන්,
ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානීන්, පඬි ජනමාධ්‍යවේදීන්, වෙනත් පඬියන්, පඬි පෝතකයන්, ඒකාබද්ධ විපක්‍ෂය හා ආණ්ඩුව. මේ භීෂණය බටහිරයන්ගේ ලංකා වසන්තය වේවි.