Main Logo

Wednesday 20 September 2023

දිලීපන්ගේ පැටිකිරිය

 

දිලීපන්ගේ පැටිකිරිය

 

සිංහල බෞද්ධ විරෝධීන්ට නැවතත් මාතෘකාවක් ලැබිලා. උපවාසයක් කිරීමට සිදුවීමෙන් මියගිය දිලීපන් (තිලීපන්) සැමරීම සඳහා ගිය පෙළපාලියකට පිරිසක් පහර දීල. ගැන මෙටාවෙත් ජනමාධ්‍යයෙහිත් පළවීම අඬන්න හිටි මිනිහට ඇඟිල්ලෙන් ඇනීමක් වෙලා. අතර ක්‍රිස්තියානි සංවිධානයක් මගින් කොළඹ පවත්වන්න සැලසුම් කර තිබු  දිලීපන් සැමරීමේ රැස්වීමක් අධිකරණ නියෝගයකින් තහනම් කෙරිලා. එහි දී කවුද පූජකවරයකු කියා තියෙනවා දිලීපන් ගත්තෙ බුදුන්වහන්සේ ගත් මග. අපට දැන් බුදුන්වහන්සේ ගත් මග දැන ගැනීමට පල්ලියට යන්න සිද්ධ වෙලා.

දිලීපන් උපවාසයකට වාඩි වුණේ කැමැත්තෙන් අකමැත්තෙන් කියා දන්නේ නැහැ. ඒත් උපවාසය ඊනියා ඉන්දීය සාම සාධක  හමුදා ඉවත් කිරීම සඳහා. ඊනියා සාම සාධක හමුදාවෙන් ඇති කළ සාමයක් නැහැ. අවසානයේ දී හමුදාව ආපසු ගියේ උපවාසය නිසා නම් නො වෙයි. දිලීපන් පිළිකා රෝගයක් වැළඳී සිටි අයෙක්. සමහර විට නිසා ඔහු මුල දී මැරෙන්න සූදානම් වුණා වෙන්න පුළුවන්. එහෙත් අවසාන මොහොත ළඟා වන විට ඔහුට ජීවිත ආශාව ඇති වී වතුර ඉල්ලා තියෙනවා. කියන්නෙ ඔහුට උපවාසය අත්හරින්න වුවමනා වූ බවයි. එහෙත් ප්‍රභාකරන්ගේ අණින් ඔහුට වතුර දී නැහැ. කියන්නේ ඔහු මරා දැමුණේ ප්‍රභාකරන් විසින්. ප්‍රභාකරන් මරා දැමූ පළමු තැනැත්තාවත් අවසන් තැනැත්තාවත් දිලීපන් නො වෙයි.

 

එසේ බැලූ කල දිලීපන් වීරයකු නො වෙයි. ඔහු ප්‍රභාකරන් විසින් තම අභිලාශය මුදුන්පත් කර ගැනීමට යොදා ගත් තවත් පුද්ගලයකු පමණයි. දිලීපන් සමරන්න ඕන නම් සැමරිය යුත්තේ ප්‍රභාකරන්ට විරුද්ධවයි. එහෙත් අර පෙළපාලිය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රන් කර ඇත්තේ සිංහලයන් ප්‍රකෝප කිරීමට බව පැහැදිලියි. ඔහු පෙළපාලිය සිංහලයන් පදිංචි ප්‍රදේශ සමීපයෙන් ගෙන ගොස් තියෙනවා.

 

සෙල්වරාසා ගජේන්ද්‍රන් කියන්නෙ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්. පක්‍ෂයේ දෙදෙනා පමණයි මන්ත්‍රීවරුන්. සෙල්වරාසා ගජේන්ද්‍රන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙක්. 2020 මැතිවරණයෙන් ඔහු යාපනයේ පැරදිලා. පොන්නම්බලම් තමයි කුරුන්දි විහාරයට තිස්ස විහාරයට විරුද්ධ මිනිසුන් එකතු කරන්න උත්සාහ කරන්නෙ. ඔහු තම සීයා හා පියා අනුගමනය කරන ජාතිවාදියෙක්. ඔහුගේ සීයා තමයි 1938 දී නාවලපිටියේ කතාවක් කරමින් සිංහල දෙමළ කෝළාහළවලට මුල පිරුවෙ. යාපනයේ ඡන්දදායකයන් අතර පොන්නම්බලම්ගේ පක්‍ෂයට ශ්‍රී නි පක්‍ෂයට වඩා ලැබුණේ ඡන්ද 6000ක් පමණයි. ගජේන්ද්‍ර කුමාර් හා ගජේන්ද්‍රන් මේ කරන්නේ සිංහල ජනයා ප්‍රකෝප කරමින් යාපනයේ තම ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමේ වැඩක්. ඔවුන්ට අත්අඩංගුවට පත්වීමටත් වුවමනාවක් ඇති.

 

දිලීපන් සැමරීමට ලංකාවේ නීතියෙන් ඉඩක් නැහැ. එංගලන්තයේ නම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය යටතේ තහනම් කරන ලද කොටි සංවිධානයට පෙළපාලි යන්න රැස්වීම් පවත්වන්න පුළුවන්. එංගලන්තය නමට කොටි සංවිධානය තහනම් කරලා. නොකර බැරි හින්ද. ඒත් ඔවුන් තමන් අනුග්‍රහය දැක්වූ කොටි සංවිධානයට එංගලන්තයේ රැස්වීම් තියන්න පෙළපාලි පවත්වන්න අවසර දෙනවා. එසේ නොකර කොහොම ? සිංහල බෞද්ධ විරෝධී ප්‍රධාන රටවල් දෙකෙන් එකක් එංගලන්තය. අනෙක ඉන්දියාව. නෙදර්ලන්තය ස්විට්සර්ලන්තය නෝර්වේ ආදී රටවල් එංගලන්තයට සහායට ඉන්නවා.

 

ලංකාවට එංගලන්තයේ දවල්ට දනියෙල් රෑට මිගෙල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්න බැහැ. මෙරට කොටි සංවිධානය තහනම්. එයට පෙළපාලි යන්න බැහැ. රැස්වීම් තියෙන්න බැහැ. ගජේන්ද්‍රන්ලා අර පූජකතුමා ආදීන් බව නොදන්නේ ? සිංහලයන් මේ කුපිත කිරීම්වලට හසු නොවිය යුතුයි. සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පොලීසියට භාර කළ යුතුයි. කවුරු ජනාධිපති වුණත් ඇමති වුණත් අධිකරණය නීතිය අනුව දෙන නියෝග පොලීසිය පිළිපදීවි.

 

ප්‍රශ්න අන්න පුළුවන් වි පෙරමුණට ඊනියා ඉල් සමරු පවත්වන්න පුළුවන් නම් ගජේන්ද්‍රන්ලාට දිලීපන් සමරන්න බැරි ඇයි කියල. එහි පැති දෙකක් තියෙනවා. එක් පැත්තකින් වි පෙ තහනම් සංවිධානයක් නො වෙයි. එහි දී මිනීමරුවනුත් සමරන එක ඇත්ත. එහෙත් නීතිය අනුව එය කොටි සාමාජිකයන් සැමරීමෙන් වෙනස්. අනෙක් අතට වි පෙ සටන් කෙළෙ ලංකාවට විරුද්ධ නො වෙයි. වි පෙ තමන් හිතූ ආකාරයට ධනවාදයට විරුද්ධ වෙන්න ඇති. ඔවුන්ට තිබුණෙ ප්‍රභූ විරෝධයක්. කොටි සංවිධානය සටන් කෙළෙ වෙන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකාවට විරුද්ධ . කොටි සංවිධානයට තම සාමාජිකයන් හිතේ හැටියට සමරන්න තිබුණ ඊළමක් පිහිටුවා ගත්ත නම්. ඒත් සිහිනය නන්දිකඩාල් කලපුවෙ දි බොඳ වුණා. 

 

දිලීපන් මද්දුම බණ්ඩාර වගේ වීරයෙක් නො වෙයි. මද්දුම බණ්ඩාර කඩුචට නිර්භය බෙල්ල දුන්නා. දිලීපන් වතුර ඉල්ල ඉල්ලා මැරුණා. දිලීපන් ප්‍රභාකරන්ටවත් වීරයෙක් නො වෙයි. ගජේන්ද්‍රන්ලාත් බව නොදන්නවා වෙන්න බැහැ. ඒත් ඔවුන්ට තියෙන්නෙ වෙන වුවමනාවක්. ඔවුන් සමරන්නෙ දරුවන් යුද්ධයට යැවූ මිනීමරුවන්.

 

අපි හිතමු දිලීපන් ඇතැම් දෙමළ කතාකරන ජනයාට වීරයෙක් කියා. එහෙත් ඔවුන්ගෙ අවාසනාවකට ලංකාවෙ නීතිය අනුව ඔවුන්ට දිලීපන් සමරන්න දෙන්න බැහැ. එංගලන්තයේ සමරන්න බැරි වෙන එකක් නැහැ. මට නිකමට හිතෙනවා ඉංගිරිසින් දහනවවැනි සියවසේ අග වීර කැප්පෙටිපොළ හරි වීර පුරන් අප්පු හරි සමරන්න ඉඩ දෙයි කියල. ඉංගිරිසින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් නොවැ. කොයි එකටත් ප්‍රශ්නය කොටි සංවිධානයට ආධාර කළ පූජකවරුන්ගේ නායක කාදිනල්තුමාට යොමු කරමු ?

 

ඡායාරූපය මරුවාගේ සැමරීම