Main Logo

Wednesday 6 September 2023

බිරිතානියේ හතර (4) මායිම

 

 බිරිතානියේ හතර (4) මායිම

 

බිරිතානියට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතිකත්වය පහත දමන්න. එය ප්‍රාථමික නොදියුණු සංස්කෘතියක කතාවක් බව කියන්න. අද චැනල් 4 නැත්නම් බිරිතානි හතරවැනි නාළිකාව නැවතත් කතාවට ලක්වෙනවා. මෙය හුදෙක් එක් සිද්ධියක් පමණක් නො වෙයි. මා කැමති සිද්ධි ගැන කියනවාට වඩා සිද්ධි අතර ඇති කතාව කියන්න. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලෝකයට දී ඇත්තේ බොහොම ස්වල්පයක්. ඒත් අනෙක් අයට එතරම් වැදගත් නැහැ. මා දන්නා තරමින් වැවු හැදීම වැදගත් වෙලා තියෙන්නෙ කාම්බෝජයට පමණයි. දාගැබ නම් ඇතැම් ථෙරවාදී රටවලට ආදර්ශයක් වෙලා තියෙනවා.

 

මා හිතන්නෙ ශූන්‍යයට සංකේතයක් සංස්කරණය කළෙ සිංහල බෞද්ධයන් කියා. හල්කිරීම. එය පසුව දකුණු ඉන්දීය භාෂාවල බිංදුව බවට පත් වෙලා තියෙනවා. බිංදුවෙන් කෙරෙන්නෙත් හල් කිරීමෙන් කෙරෙන දේ. හල් කිරීම ශබ්දයක් ඇති මෙන් නැති බව සංකේතවත් කරන්නක්. ශූන්‍යය අගයක් ඇති මෙන් නැති සංඛ්‍යාවක්. ගැන මා කියන දේ විහිළු ලෙසයි මෙරට දාර්ශනිකයන් විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් සලකන්නෙ. ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ. අය කවුද කියා මෙටාවෙ හරි මොටාවෙ හරි දැක ගන්න පුළුවන්.

 

හතරවැනි නාළිකාව කතාවක් කියනවා. පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම සඳහා කරන ලද්දක් බව. සඳහා රට අස්ථාවර කිරීමට වහාබ්වාදී මුස්ලිමුන් ලවා ක්‍රිස්තියානි/කතෝලික පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට බුද්ධි අශයේ සලේ, පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක කියන මවුලානා නමැත්තකු සමග සාකච්ඡා කළ බවයි කියන්නෙ. සලේ සිංහල බෞද්ධ ජාතිකවාදියකු නො වෙයි. මට ලැබී ඇති තොරතුරු අනුව මෙරට ජාත්‍යන්තර මට්ටමේ බුද්ධිමතුන්ගේ ගර්හාවට භාජනය කෙරුණු ධම්මික පැණිය පිළිබඳ නැහැසුම් හරිහැටි කරන්න ඉඩ දී නැත්තේ ඔහු. ධම්මික පැණිය බී මිය ගිය අයකු ගැන නම් අහන්න නැහැ. එන්නත ගැන එහෙම කියන්න බැහැ.

 

හතරවැනි නාළිකාව සිංහල බෞද්ධ ජාතිකත්වයට ගැරහීමට සලේ තෝරා ගැනීමෙන් යමක් කියැවෙනවා. ඔවුන්ගේ බසින් කියන විධියට නම් ඔවුන් ගෙදර වැඩ කර නැහැ. බිරිතානි රජයට මෙන්   හතරවැනි නාළිකාවට අවශ්‍ය මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය දුර්වල කරන්න. කතාව පටන් ගන්නෙ දෙමළ වෙල්ලාල ජාතිවාදයත් සමග. කතාව දහනවවැනි සියවසේ අගට යනවා. අවශ්‍ය නම් ප්‍රභාකරන් ඔහුගේ සීයලා මස්සිනාලා හා බාප්පලා කියවන්න. බිරිතානින් තමයි වෙල්ලාලයන්ට අනුග්‍රහ දැක්වුයේ. ඔවුන් නෝර්වේ ස්වීඩන් ආදී රටවල් මෙන් ඉන්දියාවත්  එහි දී යොදා ගත්තා. ඉන්දියාවට වෙන අවශ්‍යතාවකුත් තිබුණා.

 

ඔවුන්ගේ අභිලාෂ පරාජය කරමින් සිංහල බෞද්ධ ජාතිකත්වය ජයගත්තා. බටහිරයන්  නන්දිකඩාල් පරාජයේ පළිය තවමත් අරගන්නවා. එහි දී විශේෂ කාර්යභාරයක් කරන්නේ  හතරවැනි නාළිකාව. දරුස්මාන් වාර්තාව ජෙනීවා විගඩම සහ තවත් සිද්ධි එයට අදාළයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ බිරිතානින්ගෙ සූරතලා වූ යහපාලන ආණ්ඩු දවස්වල. ඔවුන් බලාපොරොත්තු වු විධියට මෛත්‍රිපාල හා රනිල් එකට තබා ගැනීමට බැරි වුණා. මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් වුණා. දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවීමට ජාතිකවාදීන් සමත් වුණා. යටත්විජිත හේරත් මීටර් සීයේ වාර්තාව පාර්ලිමේන්තුවේ කැඩුවා. විශ්වාසභංගයෙන් පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ ප්‍රීතිඝෝෂා පැවැත්වුවා. පාස්කු ප්‍රහාරයට කලින්. රට ගමන් කරමින් සිටියේ ජාතිකත්ව ආණ්ඩුවක් දෙසට. එකල පැවැත් වූ පළාත් පාලන මැතිවරණවලින් ජයග්‍රහණය කෙළේ ජාතිකත්වය.

 

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක වුයේ ඊට පසුව. ඔහුට හැටනව ලක්‍ෂයක් ඡන්ද ලැබුණා. පාස්කු ප්‍රහාරයක ප්‍රතිඵල නො වෙයි. ඡන්දදායකයන් පිටරට සිට පැමිණියේ රට අස්ථාවර කිරීමක් නිසා නො වෙයි. ඒත් ජාතිකත්ව ජයග්‍රහණවලින් බිරිතානිය ප්‍රමුඛ බටහිරයනුත් ඉන්දියානුවනුත් කලබල වුණා. ගෝඨාභය ජනාධිපති වූ දින වෙන්න ඕන ඔවුන් ගෝඨාභය පන්නා දැමීමේ ව්‍යාපාරය ඇරඹුවේ. සර් ෆේල් ව්‍යාපාරය, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් සිද්ධිය, කාදිනල්තුමාගේ මහමොළකරු සෙවීමේ සෙල්ලම,  ජෙනීවා විගඩම්, හොරා පොලිස්, ගෑස් පිපිරීම්, තෙල් නැවු පමාවම්, විදේශීය සම්ප්‍රේෂණ නැවැත්වීම, උන්ඩියල්, පරගලය, ඩලස්ලා විමල්ලා හා තවත් අය සුවාදීන වීම් මගින් පරගලය ශක්තිමත් කිරීම් ආදිය අවසන් වුණේ ගෝඨාභය හා මහින්ද ගෙදර යවා ජා පයටත් එපා වී සිටි රනිල් බලයට පත් කිරීමෙන්.

 

ඉන් වසරක් ඇවෑමෙන් ජාතිකත්ව බලවේග නායකයකු නැතුව වුණත් නැවතත් ශක්තිමත් වෙලා. සලේ කතාව එහි ප්‍රතිඵලයක්. තව තවත් කතා පසුවට ඒවි. පාස්කු ප්‍රහාරය ගැන අධිකරණ තීන්දුවක් තියෙනවා. අනුව පිළිබඳ ව සැලකිලිමත් නොවීම ගැන මෛත්‍රිපාලටත් වන්දි ගෙවන්න සිදු වුණා. කාදිනල්තුමා මහමොළකරු සොයා ගත්තා කියා දන්නේ නැහැ. ඔහු සහ කතෝලික සභාවේ තවත් පූජකවරුන් අතර තියෙන මතභේදත් මෙහි දී බලපානවා. අර අගසවු දෙනම පිටුපස ඉන්නා හිටපු ත්‍රස්ත විරෝධීන් මෙහි දී කාර්යභාරයක් ඉටු කරනවා.

 

පාස්කු ප්‍රහාරය වහාබ්වාදීන්ගේ වැඩක්. වහාබ්වාදීන් ගෝඨාභයට පක්‍ෂ නැහැ. වහාබ්වාදීන්ට අවස්ථාව සලසා දුන්නේ යහපාලන ආණ්ඩුව. යහපාලන බෙදීම්, රනිල් මෛත්‍රිපාල හබය නිසා රාජ්‍යාරක්‍ෂාව බුද්ධි අංශ කඩා වැටී තිබුණේ. අරුතින් ගත්තොත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන සමස්ත යහපාලන ආණ්ඩුව හා ඔවුන් පිටුපස සිටි බිරිතානින් ප්‍රමුඛ බටහිරයන් . පාස්කු ප්‍රහාරය ගැන යහපාලන ආණ්ඩුව කළ පරීක්‍ෂණය කුමක් ?

 

මෙය තනි සිද්ධියක් නො වෙයි. ඇතැමුන් හතරවැනි නාළිකාව හෙළිදරවු කිරීම ගැන ජාතිකවාදීන්ට සමච්චල් කරනවා. මෙරට ඉන්නේ ජාත්‍යන්තර ගණයේ දාර්ශනිකයන් විද්‍යාඥයන් හා ශාස්ත්‍රඥයන්. ඔවුන්ගේ අදහස් මතවාද ලෝකය පුරා සාකච්ඡා වෙනවා. ඔවුන්ට අනුව අප දෘෂ්ටිවාදීන්. මා දන්නා තරමින් සම්මාබෝධය ලබා නොගත් සියල්ලන් දෘෂ්ටිවාදීන්. සම්මාබෝධය ලබා ගන්න උත්සාහ කරන අයටත් දෘෂ්ටියක් තියෙනවා. සම්‍යක්දෘෂ්ටිය.

 

අප රටේ දැන් ඉන්නේ ඕල්කට් බෞද්ධයන් හා බුද්ධාගම්කාරයන්. මගේ බුදුදහම එනම් මා තේරුම් ගෙන ඇති බුදුදහම අනුව ලෝකය පවතින්නෙත් නැහැ නොපවතින්නෙත් නැහැ. බුදුදහම විඥානවාදීත් නො වෙයි. භෞතිකවාදීත් නො වෙයි. බුදුදහම ඇරිස්ටෝටල්ගේ න්‍යායවත් එහි ඇති ද්වයංගී කතාවත් පිළිගන්නේ නැහැ. චතුස්කෝටිකය වුණත්  බෞද්ධ න්‍යායක් නො වෙයි. එහෙත් අපට චතුස්කෝටිකය වැදගත් වෙනවා. චතුස්කෝටිකයේ කෝටික හතරින් දෙකක් ද්විකෝටිකය  බව අමතක කරන්න බැහැ. චතුස්කෝටිකයේ ඇත්තේත් අගය දෙකයි. කෝටික කියන්නේ අගය නො වෙයි.  එහෙත් බුද්ධාගම්කාරයන්ට අගයත් කෝටිකයත් අතර වෙනසක් නැහැ. ඔවුන්ට බුදුදහම එක්කෝ භෞතිකවාදී එහෙම නැත්නම් විඥානවාදී. දෙකට නැති බුදුදහමක් ගැන හිතන්න ඔවුන්ට ඇරිස්ටෝටල් ඉඩ දෙන්නේ නැහැ.

 

හතරවැනි නාළිකාව මුසා කියා අහුවෙලා. සලේ කතාවෙන් එකක් සිද්ධ වෙනවා. හතරවැනි නාළිකාව කලින් කී දේත් මේ වගේ සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි කී මුසා. ඔවුන්ගේ කතාව වෙල්ලාල ජාතිවාදය වෙනුවෙන්. සිද්ධි අතර සම්බන්ධය හොයන එක සිද්ධි වෙන වෙන ගැනීමට වඩා හොඳයි. සලේ සිද්ධිය තවත් එවැනි සිද්ධි මාලාවක නවතම සිද්ධිය පමණයි.