Main Logo

Saturday 23 September 2023

පාස්කු ප්‍රහාරය මෛත්‍රි ජනාධිපතිකමෙන් පැන්නීමට ද

 

පාස්කු ප්‍රහාරය මෛත්‍රි ජනාධිපතිකමෙන් පැන්නීමට ද

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් පරීක්‍ෂණ අවශ්‍ය ? මා එසේ අසන්නේ පරීක්‍ෂණ පවත්වන්නේ කවුද යන්න ගැන ප්‍රශ්න ඇති නිසා. ඊයේ පෙරේදා ජනහඬ සංවාදයකට එක්වුණු රවි සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශ පිළිබඳ සමාජ මාධ්‍යයෙහි ප්‍රචාරය වන දේ කියෙව්වා. රවි සෙනෙවිරත්න කියන්නෙ පාස්කු ප්‍රහාරය දිනවල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නැත්නම් සාමාන්‍යයෙන් කියන විධියට රහස් පොලීසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති.

 

මා ජනහඬ නැරඹුවේ නැහැ. නිසා ගැන මට නිශ්චිත යමක් කියන්න බැහැ. සංවාදයෙහි දී රවි සෙනෙවිරත්න කී දේ සමාජ මාධ්‍යයෙහි සඳහන් වෙනවා. විවිධ මාධ්‍යවල ප්‍රකාශ කෙරී ඇති තොරතුරු අතර විසංවාදයක් නැහැ. කෙසේ වෙතත් මා ඉන් කිසිම නිගමනයකට එළඹෙන්නෙ නැහැ.

 

තොරතුරු අනුව එකල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 දෙසැම්බරයේ පැවති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමක දී බුද්ධි තොරතුරු රහස් පොලීසියට භාර දෙන ලෙස කියා තියෙනවා.  එසේ කිරීමට මෛත්‍රිපාලට උපදෙස් දුන්නේ කවුද? එසේ කිරීමට ඇති වුවමනාව මොකක් වගේ ප්‍රශ්න අහන්න පුළුවන්.

 

රහස් පොලීසිය පරීක්‍ෂණ පවත්වන්නේ යම් අපරාධයක් සිදු වීමෙන් පසුව බව කියනවා. අපි එය පිළිගනිමු. බුද්ධි අංශ ඇත්තේ අපරාධ සිදුවීමට කලින් ගැන තොරතුරු සොයා බැලීමට. එසේ නම් ප්‍රශ්නය වනනේ බුද්ධි අංශ තොරතුරු රහස් පොලීසියට භාර දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල  කියා ඇත්තේ කුමට යන්නයි.

 

අනෙක් අතට සහාරන්ලා කලක සිට (2017 පමණ සිට) කර ඇති අපරාධ ගැන රහස් පොලීසිය කර ඇත්තේ කුමක් යන ප්‍රශ්නය ඇති වෙනවා. 2017 සිට 2019 දක්චා සහාරාන් සිදු කළ අපරාධ 11ක් ගැන බුද්ධි අංශ රහස් පොලීසියට වාර්තා කළ බව කියැවෙනවා. සම්බන්ධයෙන් රහස් පොලීසිය කර ඇත්තේ කුමක් යන්න පැහැදිලි නැහැ. 2018 නොවැම්බරයේ  වවුනතිව්හි දී  පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ඇත්තේ තව්හීඩ් ජමාත් සංවිධානය මගින්. බව හෙළි වන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව යැයි රවි සෙනෙවිරත්න කීවත් හමුදා බුද්ධි අංශ බව 2019 අප්‍රේල් 12 වැනි දා දැන්වූ බවක් කියනවා. බොහෝ දෙනා එය කොටි සංවිධානයේ වැඩක් ලෙස හිතලා. එහෙත් දවස් වන විට කොටි සංවිධානය පරාජය කෙරී ටිකක් කල්.

 

අයිඑස්අයිඑස් (ISIS) සංවිධානය ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට කටයුතු කර ඇත්තේ 2014 සිට. ඉස්ලාම් රාජ්‍යය පිහිටුවීම වෙනුවෙන් ඔවුන් තමන්ට විරුද්ධ බටහිරයන් කතෝලිකයන් පිළිම වන්දනා කරන්නන් ඝාතනය කිරීමට උපදෙස් දී තියෙනවා. රහස් පොලීසිය බව දැන සිටින්න ඇති. නොදැන සිටියා නම් එය ප්‍රශ්නයක්. මේ අතර නූතන වහාබ් වාදය බටහිරයන්ගේ නිර්මාණයක් යන කතාවක් තියෙනවා.

 

මේ සියල්ලට වඩා වැදගත් රාජ්‍ය බුද්ධි අංශ පාස්කු ප්‍රහාරය ගැන ඊට දින කිහිපයකට පෙර 2019 අප්‍රේල් 9 වැනි දා  රහස් පොලීසියට දන්වා ඇති බවට කෙරෙන සඳහනයි. අනුව පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලීසිය කලින් දැන සිට තියෙනවා. සමහර විට ඉන්දීය බුද්ධි අංශත් ගැන වාර්තා කරන්න ඇති. එහෙත් වැදගත් කරුණ නම් යහපාලන අරාජිකත්වය තිබිය දී බුද්ධි අංශ තම වගකීම ඉටු කර තිබීමයි. බුද්ධි අංශ පසුවත් 2019 අප්‍රේල් 19දාත් පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලීසියට දන්වා තියෙනවා.

 

මේ සියල්ල මැද තවත් පිරිසක් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි බව පැහැදිලියි. ඇමති හරීන් ප්‍රනාන්දුගේ පියා ඔහුට උපදෙස් දී තියෙනවා පාස්කු දින පල්ලි නොයන ලෙසට. කාදිනල්තුමාත් බව දැන සිටියේ ? එතුමා එදින දේව මෙහෙය පැවැත්වූයේ තම නිල නිවාසයේ ? මා ගැන දන්නේ නැහැ. ඇතැමුන් එසේ කියනවා. එය වැරදි තොරතුරක් වෙන්න ඕන. එතුමා ප්‍රහාරය ගැන දැන සිටියා නම් එදින සියලු දේව මෙහෙයන් නවත්වන්න තිබුණා.

 

මේ අතර ඇමරිකාවේ ෆෙඩරල් විමර්ෂණ බියුරෝව (FBI) කියා ඇත්තේ නවුෆර් මවුලවී කාදිනල්තුමාගේ වචන යොදා ගත්තොත් මහා මොළකරු  බවයි. බව සරත් වීරසේකර මහතා තමා ඇමතිවරයකු සිටිය දී මාධ්‍ය සාකච්ඡාවක දී කිව්වා. මා දැන් ඇමරිකාව කියන දේ විශ්වාස කරනවා කියා අහන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් පසුගිය අගෝස්තුවේ නවුෆර් මවුලවීට හා තවත් විසිතුන්දෙනකුට විරුද්ධව චෝදනා මහාධිකරණයේ කියවා තියෙනවා. නඩු විභාගය ඔක්තෝම්බරයේ අරම්භවීමට නියමිතයි.

 

සහරාන්ගේ ක්‍රියාකාරකම් සිදු වී ඇත්තේ යහපාලන කාලයේ දී. සහරාන් 2017 සිට ගෝඨාභය බලයට පත්කිරීම සඳහා ක්‍රියා කළේ යැයි කිසිවකු කියනවා ? 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුච සහරාන් සක්‍රීය වුණේ ඇයි? රනිල් මෛත්‍රිපාල විරසකය ඇති වුණේ කවදා ?  දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටෙවුවේ 2018 ඔක්තෝම්බරයේ. එයට මුල් වූයේ ජාතිකවාදීන්. එය  කෙරුණේ මෛත්‍රිපාල අතින්. එහෙත් එය ඔහුගේ වැඩක් නො වෙයි. දින පනස් දෙකේ ආණ්ඩුව ව්‍යවස්ථානුකුලයි. එය වැට්ටවීමට බැසිලුත් දායක වුණා කියා යමකුට කියන්න පුළුවන්. ඔහුට පක්‍ෂපාතීත්වය දැක් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් එදා පාර්ලිමේන්තුවට ආවේ නැහැ.

 

මා අහවලා වැරදිකරු යැයි කියන්න ඇඟිලි දික්කරන්නේ නැහැ. එහෙත් දින පනස් දෙකේ ආණ්ඩුව තිබුණා නම් පාස්කු ප්‍රහාරයක් ඇති වේවි ? අතර කවුරු හරි කියන්න බැරි නැහැ පාස්කු ප්‍රහාරය ගෝඨාභය ජනාධිපති කරන්න කළ එකක් නොවේ මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් ඉවත් කරන්න කළ එකක් කියා. කතා පමණයි. කොහොම වුණත් ගෝඨාභයත් මෛත්‍රිපාලත් අද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් දෙදෙනකු බවට පත්වෙලා.