කුරුන්දිය හා ස්ටෝන්හෙන්ජ්
කුරුන්දිය ගැන නැවතත් ලිවීමට සිතුණේ සේවාර්ජිත මහාචාර්ය ජගත් වීරසිංහගේ ලිපියක් දැකීමෙන් පසුවයි. ඔහු මා මෙන් නොව සේවාර්ජිත මහාචාර්යවරයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයෙක්. මා කැලණිය විශ්වවිද්‍යාලයේ කතන්දර කියන කාලයේ රැස්වීම්වල දී ඔහු හමු වී තියෙනවා. මට ඔහුට මෙන් පුරාවිද්‍යාව ගැන දැනුමක් නැහැ. මට වෙනත් දෙයක් ගැනත් දැනුමක් නැහැ. එහෙත් ලංකාවට පැමිණි පසු ඔහු සමග තම ලිපියේ අඩංගු කරුණු ගැන සංවාදයක් කිරීමට මා කැමතියි.
පිටු
දෙකකින් සමන්විත ඉංගිරිසියෙන් ලියා ඇති ඒ ලිපිය උසස් අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ඇමති ආචාර්ය සුරේන් රාඝවන්ගේ ඇරියූමක් මත පුරාවිද්‍යාඥයන්
හා උරුම අධ්‍යයනය පිළිබඳ විශාරදයන් සමග සාකච්ඡා වට ගණනකින් පසුව ලියැවුණු එකක්. රාඝවන් ද මගේ මිත්‍රයෙක්. ඔහු කෙන්ට් විශ්වවිද්‍යාලයෙන්
සංධීය රාජ්‍ය හා සිංහල බුද්ධාගම ගැන ලියූ නිබන්ධයකට ආචාර්ය උපාධි ලැබූවෙක්. මා කැමතියි ඔහුත් සංවාදයට එක්වනවා නම්. එපමණක් නොව ඔහු සංවාදය සංවිධානය කරනවා නම්. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය අනුර මනතුංගටත් සංවාදයට එකතු වන්න පුළුවන් නම් තවත් හොඳයි. අනුර මනතුංගත් මගේ මිත්‍රයෙක්.
මේ
ලිපිය හුදෙක් පූූර්විකාවක් පමණයි. මටත් ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ විශ්වය ගැන. එහෙත් පුරාවිද්‍යාව බුදුදහම ගැන නො වෙයි. මගේ උපාධිය පිනට ලැබුණු එකක්. යටකියන ලද උගතුන් සමග සෑසඳීමේ දී මා පුරාවිද්‍යාව නොව මොන විද්‍යාවක් සම්බන්ධයෙනුත් අඟුටුමිට්ටෙක්. මා ලියන්නේ මට හිතට එන දේ මිස ඊනියා උගත්කමකින් හරි ඊනියා පර්යේෂණවලින් හරි ලබාගත් දෙයක් නො වෙයි. සංවාදයේ දී මට තව තවත් අදහස් හිතට ඒවි. මා
උගතකු නොවන නිසා මේ ලිපියේ ශෛලිය වෙනස්. මට එයට කරන්න දෙයක් නැහැ. මට ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය අනුගමනය කරන්න බැහැ.
ජගත්
වීරසිංහගේ ලිපියෙහි හොඳ කරුණු කිහිපයක් තියෙනවා. කුරුන්දිය බෞද්ධාශ්‍රමයක්
බවත් එය විශාල පුරාවිද්‍යාත්මක
වපසරියක කොටසක් බවත් එහි හින්දු කෝවිලක් තිබු බවට පුරාවිද්‍යාත්මක සාධක නැති බවත් කියනවා. ඒ හුස්මට ම කියනවා කුරුන්දි විහාර ආශ්‍රමයෙහි පළල් පුරාවිද්‍යාත්මක
සංදර්භයක් තුළ හින්දු පූජනීයස්ථාන තිබුණු බව බැහැර කළ නොහැකි බව. ඒක නම් හොඳ කතාවක්. සම්බන්ධන් ගජේන්ද්‍ර පොන්නම්බලම් පමණක් නොව රනිල් වික්‍රමසිංහත් ක්‍රිස්තියානි
(මෙතෝදිස්ත) සුමන්තිරනුත් එයට කැමති වේවි. හකීම් අකමැති වෙන එකක් නැහැ ඒ පරිශ්‍රයෙහි මුස්ලිම් පල්ලි තිබුණු බවත් බැහැර කිරීමට නොහැකි බව කීමට. ආචාර්ය සෙනරත් පරණවිතානගේ ක්‍රිස්තියානි මුගලන් කතාව දිගට ගෙනිච්චොත් එ පරිශ්‍රයෙහි ක්‍රිස්තියානි පල්ලිත් තියෙන්න ඇති කියන්න පුළුවන්. නරක ද කුරුන්දිය සර්වාගමික පරිශ්‍රයක් කළොත්.
කුරුන්දිය සිංහල බෞද්ධ කියන්න බැරිලු. එය දෙමළ බෞද්ධ කියන්නත් ඉඩ තියෙනවලු. ඒ සමග ම කියනවා වත්මන් සමාජය සමග පුරාවිද්‍යාත්මක
නටබුන් සම්බන්ධ කිරීම වරදක් කියා. මා නම් බටහිර විද්‍යාව කටගාගත් අයෙක් පමණයි. බටහිර විද්‍යාවේ හා බටහිර දැනුමේ ඇත්තේ බටහිරයන් ලෝකය දෙස බලන ආකාරයට පේන දේ බව නම් ඒ කටගාගත් පොඩ්ඩෙනුත් මට කියන්න පුළුවන්. අපි කලිසම් අඳින බව ඇත්ත. අපේ විශ්වවිද්‍යාල බටහිර ආකෘතියේ බවත් ඇත්ත. අපි කේක් කන බවත් ඇත්ත. ඒත් අපි සරොම් අඳිනවා. කැවුම් කනවා. අපේ විශ්වවිද්‍යාලවල පිරිත් කියනවා. පඬි නැට්ටෙක් කියන්න බැරි නැහැ සරොම මැලේ කියා. කමක් නැහැ අපි මොකක් හරි රෙද්දක් ඇන්දා/අඳිනවා.
අප
බටහිරයන් බලන විධියට ම ලෝකය බලන්න අවශ්‍ය නැහැ. කේක් කෑව කියා අපි කැවුම් නොකා ඉන්නෙ නැහැ. මා කියන්නේ කේක් කන්න එපා කියා නො වෙයි. අපේ විශ්වවිද්‍යාලවල
ප්‍රශ්නය අපි කේක් පමණක් කන එකයි. නිකමටවත් කැවුමක් කන්න ගියොත් රෙද්දක් ඇන්දොත් උගත්තු "ඕ මයි ජීසස්" කියනවා. මෙරට ඇත්තේ සිංහල බෞද්ධ අඛණ්ඩ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය වෙනස්වෙලා. එහෙත් යම් පොදු බවක් අවුරූදු දෙදහස් පන්සීයක් තුළ දකින්න පුළුවන්.
අපට
සිංහල කියා කිවුවේ අද ඊයේ නො වෙයි. මා නාලන්දා විශ්වවිද්‍යාලයේ
දැක තියෙනවා සිංහල භික්‍ෂූන් සඳහා වෙන් කළ නේවාසිකාගාර. භාරතයේ තවත් තැන්වල අප රට සිංහල දේශය නමින් හඳුන්වා ඇති සෙල්ලිපි තියෙන බව කියනවා. අප සිංහල දේශයේ සිංහල ජාතිය. පැරණි ඉන්දියාව (භාරතය) අපේ රජවරු හැඳින්වූයේ මෞර්ය කියාවත් ලම්බකර්ණ කියාවත් සිරිසඟබෝ කියාවත් නොව සිංහල කියා. බටහිරයන්ට ජාතින් ඇති වූයේ මැතක දී වුවත් අප ජාතියක් වී බොහෝ කල්. භාරතයේ නම් රජවරුන් හඳුන්වනූ ලැබුයේ මෞර්ය පල්ලව නැගෙනහිර ගංග චේර සොළී ආදී ලෙස වංශ වශයෙන්. මෝදි මොන කතා කිවුවත් භාරත්මාතාවට භාරතීය රජකු ඉඳලා නැහැ. භාරතය දේශපාලන හරි සංස්කෘතික හරි ඒකකයක් වුණේ නැහැ.
දෙමළ
කියා ජාතියක් ලෝක ඉතිහාසයේ කිසි දා කිසි තැනක තිබී නැහැ. මෙරට විවිධ කාලවල දෙමළ කතා කරන මලයාලම් කතා කරන තෙළිඟු කතා කරන අය හිටියා. මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබුණේ දහතුන්වැනි සියවසෙන් පසුව කියා අප මිත්‍ර මහාචාර්ය ඉන්ද්‍රපාල කියා තියෙනවා. ඔය දෙමළ බෞද්ධ කියන කතාව සංකල්පීය වශයෙන් මෙන් ම ඓතිහාසිකවත් වැරදියි. මෙරට දෙමළ කතා කරන ජනයාවත් තමන් විසින් ගොඩනගන ලද බෞද්ධ සිද්ධස්ථාන ගැන දෙමළෙන් ලියා ඇති සෙල්ලිපි හරි වෙනත් ලිපි හරි තියෙනවා ද?
මෙරට ඇති ඊනියා පුරාවිද්‍යාත්මක සාධක සිංහල බෞද්ධ සංස්කෘතිය හා ජාතිය සමග බෑඳී තියෙනවා. ඡායාරූපයෙන් දැක්වෙන එංගලන්තයේ ස්ටොන්හෙන්ජ් නටබුන් වත්මන් ඉංගිරිසි ජාතිය සමග කිසිසේත් ම සම්බන්ධයක් නැහැ. මට නම් එය පෙනුණේ හිරු දෙවියන්ට වැඳුම් පිඳුම් කළ දේවාලයක් ලෙස. එයට දේවාදිත්‍යාගාරය කියමු ද? ඉංගිරිසින් හිතන්නේ ඒ සොහොන් භූමියක් ලෙස. ඒ කුමක් වුවත් එයට ඉංගිරිසි ක්‍රිස්තියානි ස්ටෝන්හෙන්ජ් කියන්න බැහැ. ඉංගිරිසින් පුරාවිද්‍යාත්මක නටබුන් වත්මන් සමාජයීය සංකල්පවලින් හඳුන්වන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කිසිවකු මිසරයේ පිරමිඩ් ඊජිප්තු මුස්ලිම් පිරමිඩ් ලෙස හඳුන්වන්නේ නැහැ. එහෙත් රුවන්වැලිසෑය සිංහල බෞද්ධ සිද්ධස්ථානයක්. බටහිර පුරාවිද්‍යාව නොදැනීම ගැන මට ඇත්තේ සතුටක්. (මතු සම්බන්ධයි)