Main Logo

Wednesday 27 September 2023

ඉන්දියාව චීනය හා ඇස් පහ

 

ඉන්දියාව චීනය හා ඇස් පහ

 

ලෝක බලතුලනයේ යම් වෙනසක් සිදුවෙමින් පවතිනවා. චීනය ආර්ථික වශයෙන් ශක්තිමත්වීම ඇනහිට ඇති බවක් දක්නට තියෙනවා. එය එක් අතකින් පසුගිය සියවසේ ජපානයට සිදු වූ දේට තරමක් සමානයි. ජපානයට ආර්ථික වශයෙන් බටහිර ලෝකය පරදවන්න බැරි වුණා. රුසියාව තත්වයට පත්වෙලා තරමක් කල්. දහඅටවැනි සියවසේ පමණ සිට ලෝකය දුවන්නේ ඉංගිරිසි කතාකරන රටවල් පහට අවශ්‍ය විධියට. අතරින් පතර රටවල් එයට අභියෝග කළත් ඉංගිරිසි කතාකරන රටවල්වලට තවමත් පුළුවන්   අභියෝග පරාජය කරන්න.

 

මා මේ බටහිර හරියට කියනවා නම් ඉංගිරිසි ක්‍රිස්තියානි ක්‍රමය අගයනවා නො වෙයි. මේ ක්‍රමය බිඳවැටෙනවා නම් එසේ වන්නේ එය බැඳ තබන සංස්කෘතික බැම්ම කඩා දැමුවොත් පමණයි. ලංකාවේ අපට අද එය අත්දකින්න පුළුවන්. අපේ සිංහල බෞද්ධ සංස්කෘතික බැම්ම කඩා දැමෙමින් පවතිනවා. භික්‍ෂූන් වහන්සේට පරිභව කිරීම, ඊනියා මානව නිදහස ආදිය එයට උදාහරණ පමණයි. ලංකාවේ මානව නිදහස වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික බැම්ම බිඳ දැමීමට උත්සාහ කිරීමයි.

 

එහි දී මෙරට පඬි නැට්ටන් කරන්නේ බටහිර කතා ගෙනැවිත් අතහැරීම පමණයි. මෙරට ඊනියා ප්‍රාඥයන් ලෙස සැලකෙන්නේ බටහිර අදහසක් තමන් තේරුම්ගත් ප්‍රමාණයට සිංහල පාඨකයා කියන අයට හඳුන්වා දෙන්නන්. ඔවුන් ඉදිරිපත් කරන තමන්ගේ අදහසක් නැහැ. එහෙත් මෙරට හුදී ජනයා පුරුදු වී ඇත්තේ එසේ බටහිර අදහස් සිංහල පාඨකයා කියන තැනැත්තාට හඳුන්වා දෙන්නන් ප්‍රාඥයන් දාර්ශනිකයන් ආදීන් ලෙස සලකන්න. ඔවුන්ට මගේ ලෝකය කුණුහරුපයක්. එයට හේතුව එය බුදුදහම මත පදනම් වීම.

 

අප රටේ සංස්කෘතික බැම්ම කඩා බිද දැමීමට බටහිර ක්‍රිස්තියානි අදහස් යොදා ගත්තත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික බැම්ම කඩා බිඳ දැමීමට යොදා ගන්නේ කිනම් පද්ධතියක් ? එය සිදු වනු ඇත්තේ (සිදු වුවහොත්) ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියේ ඊනියා තාර්කික බුද්ධිමය පැත්ත ක්‍රිස්තියානි පැත්තට ඉහළින් ගියොත්. ගැන කතා කිරීමත් පසුවට කල් දාන්න වෙනවා. සමහර විට මට අමතක වී යන්නත් ඉඩ තියෙනවා.

 

බටහිර අනෙක් රටවල් ඉංගිරිසි කතාකරන රටවල් අනුගමනය කරනවා. ප්‍රංශයට හා ජර්මනියට කලකට පෙර තිබූ ශක්තිය අද නැහැ. එය බටහිර විද්‍යාවේ දකින්න පුළුවන්. ක්වොන්ටම් භෞතිකයේ ඩෙන්මාර්ක් නැත්නම් කෝපන්හේගන් අදහස් අද බිඳ දමා තියෙනවා. අදහස්වල ප්‍රමුඛයා වූ බෝර්ට චීන යිං යැං දර්ශනයත් බලපෑවා. ආසියාතික චීනය ඉන්දියාව ජපානය යන රටවලට තමන්ගේ වූ දැනුම් පද්ධති ගොඩනගා ගැනීමට නොහැකි වීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. රටවල් ඊනියා දියුණුව අත්පත් කර ගන්න අදහස් කරනනේ ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතිය මත පදනම් වෙමින්. අවසානයේ දී ඔවුන්ට සිදුවන්නේ ඉංගිරිසි ක්‍රිස්තියානි පද්ධතියට සේවය කිරීම පමණයි. පද්ධතියේ ඉඳිමින්  පද්ධතිය පරාජය කිරීමට බැහැ. පද්ධතිය පරාජය කරන්න නම් වෙනත් පද්ධතියක් ගොඩනගන්න ඕන.

 

ටිකක් දිග පූරවිකාවක් අවශ්‍ය වුණෙ අද ඉංගිරිසි ක්‍රිස්තියානි රටවල් පහ ඉන්දියාව සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පෙන්වීමට. රටවල් ඉන්දියාව ඉදිරියට ගත්තේ චීනයට විරුද්ධ . එහෙත් දැන් චීනය එක තැන පල්වෙන නිසා ඔවුන්ට ඉන්දියාව අවශ්‍ය නැහැ. කැනඩවේ සික් නායකයකු වූ හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනය පිළිබඳ කැනඩා අගමැති ටෘඩෝ ඉන්දියාව ගැන සැක උපදවන ප්‍රකාශ කළා. ඉන්දියාවට එරෙහි පළමු වෙඩිල්ල.

 

කැනඩාවේ සික් ජනයා මෙන් ලංකාවෙන් ගිය දෙමළ කතාකරන ජනයා ඉන්නවා. කැනඩාවට පමණක් නොව එංගලන්තයට ඔවුන් අවශ්‍යයි. තම වැඩ කරවා ගැනීමට පමණක් නො වෙයි. අදාළ රටවල දේශපාලන බලතුලනයේ වෙනස්කම් කිරීම සඳහා ඔවුන් අවශ්‍ය වෙනවා. සික්වරුන් මෙන් ලංකාවෙන් ගිය දෙමළ කතාකරන ජනයා රටවල වෙන රාජ්‍යයන් ඉල්ලනවා.

 

ඉන්දියාව සික් නායකයා ඝාතනය කිරීමට සම්බන්ධ නැත් යන්න කියන්න බැහැ. එහෙත් ටෘඩෝ කතා කළේ අනෙක් ඉංගිරිසි කතාකරන රටවල අනුදැනුම ඇතුවයි. බව පහත සඳහන් සීඑන්එන් (CNN) ප්‍රවෘත්ති ලිපියෙන් කියැවෙනවා. කැනඩාවේ ඇමරිකානු තානාපති ඩේවිඩ් කෝහන් කියා ඇත්තේ ඉංගිරිසි කතා කරන රටවල් පහක පංචාක්‍ෂි (Five Eyes) කණ්ඩායමේ බුද්ධි අංශ තොරතුරු ටෘඩෝට එකී අදහස් ප්‍රකාශ කිරීමට පොළඹවන ලද බවයි. ඉංගිරිසි කතා කරන රටවල් පහ ඇමරිකාව බිරිතානිය කැනඩාව ඕස්ත්‍රේලියාව හා නවසීලන්තයයි.  

 

David Cohen, the US ambassador to Ottawa, revealed over the weekend that it was intelligence from the "Five Eyes" group of Western allies that prompted Canadian Prime Minister Justin Trudeau to accuse India of having a role in the killing.

 

Five Eyes is an intelligence sharing pact of English-speaking powers that includes the United States, Britain, New Zealand, Australia and Canada.

 

ලෝකය දුවන්නේ මේ රටවල් පහේ සංස්කෘතියට දේශපාලනයට අනුවයි. චීනයට හා ඉන්දියාවට ක්‍රමය අනුගමනය කරනතාක් හා ක්‍රමය බිඳ නොවැටී ඇති තාක් කරන්න පුළුවන් දෙයක් නැහැ. ක්‍රමය බිඳ වැටෙන්නේ ඊනියා කම්කරු පංති විප්ලවයකින් නම් නො වෙයි. වෘත්තීය සමිති සටන් නම් තියෙනවා. ජනාධිපති බයිඩන් මොටර් රථ සේවකයන්ගේ පිකට්ටුවකටත් සහභාගි වී වාර්තාවක් තිබ්බා. බයිඩන් විප්ලවය සඳහා කළ දෙයක් නම් නො වෙයි.

 

අපටත් මේ සිද්ධි බලපානවා. බටහිර හා ඉන්දියාව අතර විරසකයක් ඇති වීම අප කෙසේ යොදා ගන්නේ ? ගැන කිසිවකු කල්පනා කරනවා ? නැත්නම් එහි දී ක්‍රියා කරන්නේ කෙසේ කියා ඉන්දියාවෙන් හරි එංගලන්තයෙන් හරි අහනවා ?