Main Logo

Sunday 24 September 2023

ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු

 

ටිරාන් අලස්ගේ හා ප්‍රමිත තෙන්නකෝන්ගේ හෙළිිදරවු 

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් ඇතැම් කරුණු පැහැදිලි වුණා. රාජ්‍යාරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන් මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ඇතැම් කරුණු අනාවරණය කළා. කවුද මේ සොනික් සොනික් කවුද අබුහින්ඩ් සාරා යැස්මින් මිය ගියා අබුබකර් සිරගත වූයේ ඇයි ආදිය ගැන පාර්ලිමේන්තුවේ දී කියැවුණා. දැන් කාට හරි අහන්න පුළුවන් අපට ප්‍රකාශ විශ්වාස කරන්න පුළුවන් කියා.

 

ප්‍රශ්නයට නම් මට පිළිතුරු නැහැ. මා ප්‍රමිත බණ්ඩාරවත් ටිරාන් අලස්වත් දන්නේ නැහැ. මට ඔවුන් මුණගැහිලත් නැහැ. කවුද ඒක විශ්වාස කරන්නේ. මා නැහැ කී පමණින් විශ්වාස කරන්න වුවමනා නැති බවත් මා දන්නවා. අර මා නැහැ කියදදිත් තවමත් යම් පිරිසක් විශ්වාස කරනවා මා නාමල් රාජපක්‍ෂට බුලත් දුන් බව. මට නාමල් රාජපක්‍ෂත් මුණගැහිලා නැහැ. එහෙත් ඔහුගේ පියා හා බාප්පල මහප්පලා නම් මුණගැහිල තියෙනවා.

 

වගේ මට ප්‍රමිත බණ්ඩාරගෙ සීයා මුණ ගැහිලා තියෙනවා. බොහෝම ඉස්සර. ටිරාන් අලස්ගෙ පියා මට උගන්නලා තියෙනවා. කිසිවකින් ඔවුන් දෙදෙනා ගැන යමක් කියන්න බැහැ. පාර්ලිමේන්තුවෙ කියන දේ කිසිවකුට එයින් පිට අභියෝග කරන්නත් බැහැ. වුණත් කමක් නැහැ. විශ්වාස කරන්නැති අය විශ්වාස කරන්නෙ නැහැ. සමහරු කියාවි මා රනිල් සහ ආණ්ඩුව රකින්න යනවා කියා. සමහරු අහාවි මට ලජ්ජා නැද්ද ගෝඨාභයට කඩේ යන්න කියා. සමහරුන්ට වෙනත් විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය බලයට පත් කිරීමට පාස්කු ප්‍රහාරය කළා කියන එක.

 

බොහෝ දෙනා නොදන්නවාට අපට ගණිත ප්‍රමේයවල සාධනත් විශ්වාස කරන්න වෙලා තියෙන්නෙ. සාධනය කියන්නෙ මෙකක් කියන එක කාලවල සමාජ පිළිගත් දෙයක්. අද ගණිත සාධනයක් කියා පිළිගන්න නිර්ණායක තියෙනවා. එහෙත් නිර්ණායකත් ප්‍රශ්න කරන්න පුළුවන්. මට මතක් වුණොත් පස්සෙ දවසක ගැන විස්තර කරන්නම්. අවසාන වශයෙන් ගත්කල අපට ඇත්තේ විශ්වාස පමණයි. මෙරට බොහෝ දෙනකු මා විශ්වාස කරන්නෙ නැතුව වෙන්න ඕන. ඒක මගේ ලබා උපන් හැටි කියා මා විශ්වාස කරනවා.

 

සොනික් සොනික් කියන්නෙ බුද්ධි අංශ නිලධාරියෙක් කියල තමයි කියැවෙන්නෙ. ඔහු ඉස්ලාම් ත්‍රස්තවාදීන් අතරට රිංගලා තොරතුරු ලබා ගන්න. ඔහු ත්‍රස්තවාදීන් අතර කිනම් නමකින් පෙනී හිටිය කියා කියැවෙන්නෙ නැහැ. වගේමයි අබුහින්ද්. අබුහින්ද් කියන්නෙත් බුද්ධි අංශ නිලධාරියකු බවත්  ඔහු විදේශීය ඔත්තු ආයතනයක් වෙනුවෙන් වැඩ කළ අයකු බවත් කියැවෙනවා.

 

මේ විදේශීය ආයතනය කුමක් කියා කියැවෙන්නෙ නැහැ. එහෙත් එකක් පැහැදිලියි. විදේශීය ඔත්තු සේවාවල නියෝජිතයනුත් මෙරට වැඩ කරන බව. ඔවුන් ගැන මෙරට බුද්ධි අංශ දන්නවා කියන එක නම් ප්‍රශ්නයක්. එහෙත් අබුහින්ද්ගෙ කතාවෙන් නම් කියැවෙන්නෙ ඔහු ගැන මෙරට බුද්ධි අංශ දැන සිටි බවයි. අබුහින්ද් සහාරන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බව කියැවෙනවා. කතෝලික පල්ලියට අබුහින්ද් ගැන දැන ගන්න ලොකු උනන්දුවක් තිබුණා කියනවා.

 

සාරා යැස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් ත්‍රස්තවාදීන්ගේ සයින්දමරුදු අරාක්‍ෂක නිවසේ දී තවත් කිහිප දෙනකු සමග බෝම්බ පුපුරුවා ගැනීමකින් මියගිය බවට තිබූ කතාව දැන් සනාථ වෙලා. ත්‍රස්තවාදී තිප්පළ සහරාන් ඔහුගෙ ඥාතීන් සහ හිතවතුන් පාස්කු ප්‍රහාරයෙන් පසුවත් යොදා ගෙන තියෙනවා. සාරා යැස්මින් මිය ගියේ නැති බවත් ඇයට පළා යෑමට පොලීසියේ අබුබකර් නම් රියැදුරකු ආධාර කළ බවත් එකල කියැවුණා පමණක් නොව අබුබකර්ට සිරදඬුවමක් නියම කෙරුණා. මේ කතාව, එනම් අබුබකර් ආධාර කළ බවට ඇති කතාව එකල පාස්කු ප්‍රහාරය ගැන පරීක්‍ෂණ කළ පසුව කලින් විශ්‍රාම ගොස් දැන පිටරටක වෙසෙන අර්ජුන මහින්කන්ද නම් අයකුගේ හෙළිදරවුවක් බවයි කියැවෙන්නෙ.

 

සාරා යැස්මින් මිය ගියේ නැද්ද යන්න සැකයකට භාජනය වී තිබුණේ ඇගේ සිරුරේ ඩීඑන්ඒ පරික්‍ෂාව නිශ්චිත ප්‍රතිඵල නොදී තිබුණ බැවින්. එහෙත් පසුගිය කාලයේ පරීක්‍ෂණ නිසි අයුරින් කිරීමෙන් මියගිය අය අතර සාරා යැස්මින් සිටි බව අනාවරණය වෙලා. දැන් අහන්න එපා මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියනවා නේ කියා.

 

එපමණක් නොව අබුබකර් හා ව්‍යාජ සිද්ධියට අදාළ ඩබල් කැබ් රථය වන විට පිළිසකර කිරීමට ගරාජයකට භාර දී තිබුණු බවත් හෙළි වෙලා. ඔහු අනුව නිදහස් කෙරිලා. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධ චෝදනා ඇති බව කියන නිසා ඔහු රැකියාවේ පිහිටුවීමට හැකියාවක් නැති බවත් ඔහු ජීවිකාව කරගෙන යෑම සඳහා තැඹිලි කපන බවත් කියැවෙනවා.

 

මේ සියල්ලෙන් හා ඊයේ ලිපියෙන් (පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් පැන්නීමට )  නැගෙන ප්‍රශ්න තියෙනවා. බුද්ධි අංශවලට චෝදනා කළත් ඔවුන්  යහපාලන අරාජිකත්වය මැද වුවත් යම් තොරතුරු ලබාගත් බවක් පෙනී යනවා. ගෝඨාභය ජනාධිපති ලෙස දිගට කටයුතු කළා නම් කොටි ත්‍රස්තවාදය පරාජය කළාක් මෙන් වහාබ් ත්‍රස්තවාදයත් පරාජය කරන්න තිබුණා ? වහාබ් ත්‍රස්තවාදීන් ඔහුට බලයට ඒම පිණිස සියදිවි නසා ගනී ? බටහිරයන්ට සැලසුම් සහගත ඔහු ගෙදර යැවීමට වහාබ් ත්‍රස්තවාදය පරාජය කරාවිය යන්නත් කාරණයක් වුණා ? වහාබ් ත්‍රස්තවාදය පිටුපස ඉන්නේත් බටහිරයන්ම ? ප්‍රශ්නවල ස්වභාවය ඒවාට ලැබෙන සමහර පිළිතුරුවලින් තවත් ප්‍රශ්න ඇති වීමයි