Main Logo

Tuesday 12 September 2023

(පඬි නැටි) ප්‍රශ්න හතකට පමණක් පිළිතුරු සපයන්න.

 


(පඬි නැටි) ප්‍රශ්න හතකට පමණක් පිළිතුරු සපයන්න.

 

පඬි නැටි ප්‍රශ්න හතකට පිළිතුරු. අනෙක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න වෙන්නෙ අයගෙ භාෂාවෙන්. මට ඒකත් බැරි නැහැ.

 

1.“ඔබතුමාගෙ දරුවො දෙන්නත් ඔය ආධිපත්යය තියෙන රටවල් වල ඉන්නෙ ඉතිං ආගම්වාදය අවුස්සල අර පක්ෂයට කඩේ යනවට හම්බවෙන චෙක් (සාක්ෂි :utube) ගැන නෙවෙයි මියගිය 250 සාධාරණයක් කරන්න බලමු...”

 

මගේ දරුවන් තුන්දෙනෙක් පිටරට ඉන්නවා. සිිදුහත් කුමරුට රම්‍ය සුරම්‍ය සුභ කියල නිවාස තුනක් තිබුණෙ. වගේ මාත් කාලවලට නිවෙස්වල ඉන්නවා. මිනිසුන් පිටරට යන්නෙ අධ්‍යාපනය සඳහා යොමු කරන නිසා. අප සමහරු ගමෙන් නගරයට එනවා. තවත් සමහරු පිටරට නගරවලට යනවා. අප ජීවත්වන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක නගර සංවර්ධනය කරන සැලැස්මක. ආධිපත්‍යය කඩන එක ලෙහෙසි නැහැ. මාත් පාණදුරෙන් පිටවෙලා කොළඹ කිට්ටුවට ආවා. පේරාදෙණියෙ මොටාව මා දෙවැනි වර ගත්තා නම් මා මහනුවර ජීවත් වෙන්න තිබුණා. මට හම්බ වෙලා තියෙන චෙක් ගැන කියන්න පුළුවන් ? මොන යූටියුබයෙ දි සාක්‍ෂි තියෙන්නෙ. මා කිසිම පක්‍ෂයකට කඩේ යන්නෙ නැහැ. ජාතිකත්වයට නම් "කඩේ" යනවා. ජාතිකත්වයට වඩා කිට්ටු පක්‍ෂයට සහාය දෙනවා. මියගිය අය වෙනුවෙන් අපට කරන්න තියෙන්නෙ මුසා නොකියා ඉඳීම. මිය ගිය අය දසදහස් ගණනක්. අය ගැන අප  දරුස්මාන් වාර්තාවෙ ඉඳන් මුසා අහනවා. අවුරුදු පතා ජෙනීවා මුසාවලට සවන් දෙනවා.

 

2.“කියල වැඩක් නැහැ බන්. ගොන් නලිය රාජපක්ෂලට රෙදි නැතුව කඩේ ගිහින් තානාපතිකමක් ගත්ත. මූට මොංගල් හන්ද ඒකවත් හරියට කොරගන්න බැරුව නාහෙන් අඬල ඉල්ලා අස් උනා.”

 

නලිය නම් ගොනෙක් තමයි. නැත්තන් මේවට උත්තර ලියාවියැ. ජෙප්පන් සමහර වෙලාවට නලින්ද කියාත් කියනවා. ඔවුන් දන්න සිල්වාලා නැතුව ඇති. මා ජාතියට කඩේ යන්නෙ අර දෙදහස් පන්සීයෙ රෙද්ද ඇඳගෙන. මට මුලින් දුන්නෙ ආණ්ඩුකාරකමක්. මා එය ප්‍රතික්‍ෂෙප කළා තමයි තානාපතිකමක් ගන්නව කියල ඇහුවෙ. මා කිවුවෙ ථෙරවාද රටකට නම් යන්නන් කියා. ථෙරවාද රටවල් අතර සම්බන්ධයක් ඇති කරන්න. එහෙත් අවාසනාවකට කොවිඩ් කාලෙ. එතරම් දෙයක් කරන්න ඉඩක් තිබුණෙ නැහැ. මටත් කොවිඩ් හැදුනා. මා මරණයේ එළිපත්ත පාගලා ආපහු ආවා. මරුවා හම්බ වුණා. ඔහු කිවුවා විප්ලවය කරන්න පොලීසිවලට ගහන්න ගිහින් හා පස්සෙ හාමුදුරුවරුන් හා තවත් අය ඝාතනය කරල තමන් ළඟට පැමිණි මොංගල්ලා රාශියක් ඉන්නවා කියා.      

 

3.“මහාචාර්යතුමනි ඔබ මහ පඬියා සේ කියන්නේ මෙවැනි වීඩියෝ බලා ඉගෙන ගන්නා කරුණු කොපි කර නොවේද? https://www.youtube.com/watch?v=IQefdkl8PfY

 

මේ ප්‍රශ්නය අර අපේ පවුලෙ අයගෙ නම් දන්න මගේ භාර්යාවට හා දරුවන්ට නම ලියා අපහාස කළ ව්‍යාජ නමකින් පෙනී සිටින තැනැත්තාගෙ. ඔහු මේ කියන්නේ යථාර්ථය ආභාසනයක් (simulation) කියන අදහස් ගැන. අදහස් ප්‍රකාශ වුණෙ 2003 න් විතර පස්සෙ. මගේ ලෝකය ලියැවුණෙ 1986 දි. විශ්වය ආභාසනයක් නම් ප්‍රශ්නයක් ඇති වෙනවා එය කවුරුන් විසින් කරන ලද්දක් කියා. මෙය එක්තරා ආකාරයකින් මානව මූලධර්මය (Anthropic Principle) සමග ගැට ගැහෙනවා. අනුව විශ්වය මැවිල තියෙන්නෙ අපට ජීවත් වෙන්න පුළුවන් විධියට.   මා කියන්නේ ඊනියා යථාර්ථය අපේ අභිසංස්කරණයක් කියා. මා ගුරු කොට ගන්නේ බුදුහාමුදුරුවන්. මේ සියල්ල මායාවක් බවත් අවිද්‍යාව ඇති නම් සංස්කරණය ඇති බවත් බුදුහාමුදුරුවන් දේශනා කර අවුරුදු දෙදහස් පන්සීයකට වැඩියි. ලංකාවේ ප්‍රශ්නය බෞද්ධයන් නැති වීම.    

 

4.“යකො මූට කව්ද Al combine පේපර් එක හදන්ඩ දුන්න එකා

 

මේ කියන්නේ උසස් පෙළ  සංයුක්ත ගණිතය (Combined Mathematics) ප්‍රශ්න පත්‍රය ගැන වෙන්න ඕන. මගේ කණ්ඩායමේ හිටිය අයකු තමයි  දවස්වල ප්‍රශ්න පත්‍රයෙ ප්‍රධාන පරීක්‍ෂක. මා කැලණියෙ මොටාවට ගියාට පස්සෙ මහතා මට කතා කළා ප්‍රශ්න පත්‍රය සැකසීමට සම්බන්ධ වෙන්න. මා සකස් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණා. ගුරුවරුන් හා ශිෂ්‍යයන් මට විරුද්ධ අවි ගත්තා  හිතන්න ප්‍රශ්න දෙන්න එපා කියා. මා වැඩවලට සම්බන්ධ වුණෙ 2003 හා 2004 පමණයි. හිතන්න අකමැති අය මෙරට ඉන්න බව මෙටාවෙනුත් පැහැදිලි වෙනවා. ප්‍රශ්න පත්‍රය සැකසීමට මා සම්බන්ධ කර ගැනීම වරදක් තමයිමා ඉඳහිටවත් ප්‍රතිචාරවලට ඉඩ දෙන එකත් වැරැද්දක් තමයි.

 

 

5.“දැන් මෙහෙම උනාට මේත් ඉතින් ගණිත මහාචාර්ය කෙනෙක්නෙ. පව්! …...”

 

මා ගණිත මහාචාර්ය කෙනකු වුණේ වැරදීමකින්. මා සඳහා කිසිසේත් සුදුසු නැහැ. ගණිතයෙන් මා ලියා ඇත්තේ පත්‍රිකා තුනක් පමණයි. එයත් වෙනත් අය හා එක් ලිවූ පත්‍රිකා. පත්‍රිකා තුනෙන් එකක් මහාචාර්ය පදවියෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න තිබිය දී 2011 දී ලියූවක්. අනෙක් දෙක පදවියෙන් ඉවත් වීමෙන් පසු 2017 දී හා 2018 දී  ලියූ පත්‍රිකා. රිසච් ගේට් ගිහින් බලන්නමා දන්නා ගණිතයක් නැහැ. මා උපාධිය ලබා ගැනීමෙන් පසු ගණිතය ඉගෙන ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. මා ඉගැන්වූ ගණිතයකුත් නැහැ. මාත් කල්පනා කරන්නේ මා ගණිත මහාචාර්ය කෙනකු වුණේ කොහොමද කියාසමහර විට දිවයින හා විදුසර පත්තරවලට ලියූ ලිපි නිසා වෙන්න ඇති.

 

 

6.“එහෙම කරන්න බැරි වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි එතුමා එවැනි අවස්ථාවල comments off කරල අපට comment කරන්න තියෙන ඉඩ ඇහිරීම.එය එතුමාගේ අයිතියක්. ඒත් එයින් ඔබ කියන ආකාරයට බුද්ධිමය සංවාදයක් කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා. අනික එවැනි තර්කානුකූල කරුණු පැහැදිලි කිරීම් වලින් අනිත් අය එතුමා ප්‍රකාශ කරන කරුණු බිඳ හෙලූ අවස්ථා ගණනාවකදීම එතුමා "මට නාථ දෙයියො කිව්වෙ" නිසා ඒව තමයි සත්‍යය, ඒව විද්‍යාත්මකව වත් තර්කානුකූලවත් ඔප්පු කරන්න බැහැ කියමින් comments off කරල එම බුද්ධිමය සංවාදයෙන් ඉවත් වීම සිදු කල බව ඔබට අමතකද? ඊට අමතරව එතුමා පසුගිය කාලයේ ජාතිවාදය සහ ආගම්වාදය ඇති කරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම. මෙහි පහලට ඇති අනිකුත් comments කියවා බලන්න. බොහෝ දෙනා මෙතුමාගේ ප්‍රකාශ තනිකර විහිළුවට ගෙන සිනාසෙන බව ඔබට පෙනේවි. එතුමාගේ පෙර තිබූ බුද්ධිය සහ ගණිත දැනුම අනුව එය එසේ විය යුතු නැති බවයි, මා මෙහි කීවේ. මෙහි කියා ඇත්තේ ඇත්තටම මට හිතුන දේ. ………..

කෙසේ වෙතත් මම ඔබට නැවත වරක් ආරාධනා කරන්නේ, මහාචාර්ය තුමා කාලයේ කල කී දේවල්ද මෑත කාලයේ කරන ප්‍රකාශද ඒවා සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන අයට ප්‍රතිචාර දක්වන ආකාරයද හැකි අයුරින් සසඳා බලන ලෙසයි. එමෙන්ම මෙහි මෙන්ම එතුමාගේ අනිත් පෝස්ටු වලටද වැටි ඇති කමෙන්ටු (ගොඩක් ඒවට එතුමා කමෙන්ටු දමන්න දෙන්නේ නෑ.) කියවා බලන ලෙසයි. ඇත්ත වශයෙන්ම මා එතුමාගේ පෝස්ටු follow කරන්න ගත්තේ තමන්ගේම දර්ශනයක් ඇතැයි මා සිතා සිටි ගණිත මහාචාර්ය තුමාගේ පෝස්ටු වලින් යමක් ඉගෙන ගැනීමටයි. නමුත් අවාසනාවකට මෙන් මෑත කාලයේ එතුමා ආසනික් ගැන, සහල් ගැන වකුගඩු රෝග ගැන මෙන්ම නාථ දෙවියන් ගැනත්, සිංහල ජාතිය ගැනත් යුදෙව්වන් ගැනත්, දේශපාලනය ඇතුලු අනිකුත් බොහෝ දේවල් ගැනත් කරන ප්‍රකාශ වලින් දෙයක් ඉගෙන ගැනීමටවත් බුද්ධිමය සංවාදයක් ඇති වීමට වත් තියෙන ඉඩ බොහෝ අඩුයි.”

 

මෙය වෙනත් අයකුට ලියූ ප්‍රතිචාරයක් ඒත් මට අදාළ . දැන් මේ ප්‍රතිචාරවලට ඉඩ දී ඇති වෙලා තියෙන බුද්ධිමය කොහොම වෙතත් සංවාදය මදැයි. මා කී දේ බිඳ හෙලූ අවස්ථා ගැන අය දන්නවා ඇති. මා කිසිම අවස්ථාවක ""මට නාථ දෙයියො කිව්වෙ" නිසා ඒව තමයි සත්‍යය, ඒව විද්‍යාත්මකව වත් තර්කානුකූලවත් ඔප්පු කරන්න බැහැ කියමින් comments off කරල එම බුද්ධිමය සංවාදයෙන් ඉවත් වීම සිදු කල බව"” නම් මට මතක නැහැ. එවැනි දේ සඳහා නිදර්ශන ඇත්නම් ඔය කාට හරි කියන්න.

 

මේ චැනල් 4 මුසාවලටත් එහා යන මුසා කෙසේ නමුත් හොඳ නිර්මාණ ශක්තියක් තියෙන බව පේනවා. බොහෝ දෙනා මගේ ලිපි විහිළුවකට අරන් තියෙන බව නම් පේනවා. ඒත් මට ඉස්සරත් බුද්ධියක් හරි ගණිත දැනුමක් හරි තිබුණෙ නැහැ. මා අසූ පහේ පමණ සිට කියන්නෙ මේ වගේ කතා. නිසා නෙ කොළඹ මොටවෙන් මා අස්කෙරුවෙ. එදා ඉඳලා අද වෙනකම් අදහස් වර්ධනය කරන එක පමණයි මා කරල තියෙන්නෙ. යුදෙවු චින්තනය ගැන අසූ හයේ ලිවුව මගේ ලෝකය පොතෙත් තියෙනවා. එය අද වෙන විට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස නම් කෙරී තියෙනවා. සිංහල ජාතිය ගැනත් දේශපාලනය ගැනත් එදා ඉඳල කියනවා.

 

ආසනික් හා වකුගඩු රෝගය හා නාථ දෙවියන් ගැන කියන්නේ නම් 2003න් විතර පස්සෙ. ඒක දැනුම ලබා ගන්න විධියක්. කාලෙ තමයි මා වැරදීමකින් නමුත් ගණිත මහාචාර්ය වුණෙ. ඒකත් පුදුම තත්වයක්. ගණිිත මහාචාර්යවරයකු වීමෙන් පසුව තමයි නාථ දේව මණ්ඩලය ගැන කිවුවෙ.  මොහු කියන්නේ යමක් උගෙනීමට ගණීිත මහාචාර්යවරයාගේ ලිපි කියවූ බවයි. ඒත් ගණිත මහාචාර්ය තමයි ආසනික් හා නාථ දෙවියන් ගැන කියා තියෙන්නෙ. ගණිත මහාචාර්යකම වැරදීමක් වෙන්න ඕනසහල්වල ආසනික් තියෙනවා. ඔය පොහොරවලත් ආසනික් තියෙනවා. බව නාථ දේව මණ්ඩලයෙන් දැනගෙන අප පසුව බටහිර විද්‍යාවට අනුව පොහොර ගෙන්නන සමාගම්වල නියෝජිතයන්ට පෙන්නුවා. වකුගඩු රෝගය ඇති වන්නේ ජලය මගින් ආසනික් ලවණ සිරුරට එකතු වීමෙන්. අද ඇතැමුන් ජල පෙරෙන යන්ත්‍ර මගින් ලවණ පෙරා ඉවත් කරන බැවින් වකුගඩු රෝගය පෑතිරීමේ අඩුවක් තියෙනවා. බුද්ධිමය සංවාද කරන්න මා බුද්ධිමතකු නො වෙයි

 

7.“නිකන් බොරුවට ආසනික් තියනවා කියලා පොහොර ට්ක නැති කරා දැන් රජරට වකුගඩු රෝගීන් වැඩි වෙන්නේ නාත ප්රස්තාර බලන්න දැන් නැති නිසා ?”

 

ආසනික් තියෙනවා කියල නොවෙයි පුංචි බණ්ඩා පොහොර නවත්තන්න උපදෙස් දුන්නෙ. ඒක විශිෂ්ට ආර්ථික විද්‍යා උපදෙසක්. දැන් වකුගඩු රෝහය වැඩි වෙනවා ? නාථ දෙවියන්ට ප්‍රස්තාර අඳින්න ප්‍රස්තාර කඩදහි නැතුව ඇති. මහාබැංකුවට අනුව කඩදහි මිල වැඩි වෙලා ? මොන බණ්ඩගෙන් ඒක අහන්නෙ?