ගෑස්
මිල ඉහළට උද්ධමනය පහළට
වැඩිය විශ්වාස කළ යුත්තේ මහා බැංකු වාර්තා ද බීබීසී 4 නාළිකාවේ ලංකාව සම්බන්ධ ප්‍රවෘත්ති ද යන්න දැන ගත හැක්කේ ජෙප්පකුගෙන් ද වමකුගෙන් ද කුරුන්දි ගැන ලියන පුරා විද්‍යා මහාචාර්යවරයකුගෙන් ද රනිල්ගේ හෙංචයියකුගෙන් ද යන්න ප්‍රශ්නයක් වුණත් දැනට මහා බැංකු වාර්තා ගැන කතා කරන එක හොඳය කියා හිතෙනවා. ඒ එය ඊයේ (සැප්තැම්බර් 4) ලිපියත් සමග සම්බන්ධ නිසා.
එහෙත්
එයට පළමුව නන්දලාල් වීරසිංහ ලෝකයේ A ශ්‍රේණියේ මහා බැංකු අධිපතිවරයකු වීම ගැනත් වචනයක් දෙකක් කියන්න ඕන. පහුගිය සමයේ විවිධ විශ්වවිද්‍යාලවල භෞතීය විද්‍යා සාමාන්‍ය උපාධිධාරීන් ආර්ථිකවිද්‍යා විශේෂඥයන් බවට පත් වී තියෙනවා. ඉන් කියැවෙන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. නන්දලාල් වීරසිංහ එයටත් එහා ගොස් ලෝකයේ A ශ්‍රේණියේ මහා බැංකු අධිපතිවරයකු වී තියෙනවා. කාට ද ආඩම්බරේ?
උසස්
පෙළ ප්‍රතිඵල පිටවෙලා. අහවල් විෂය ධාරාවේ දිවයිනෙන් පළමුවැනියා කවුද ආදී තොරතුරු දැන ගන්න හැකි වේවි. ඒ දරුවන්ගේ දක්‍ෂතා ගැන මා කිසිවක් කියන්නේ නැහැ. එහෙත් මේ පළමුවැනියා වීම් A ශ්‍රේණියේ මහා බැංකු අධිපතිවීම් සුද්දන් යන විට ලංකාව මෙයට වඩා හොඳ තත්වයක තිබුණා ය වැනි කතා සියල්ල නිර්ණායක, දත්ත අර්ථ විවරණය කිරීම් හා තවත් දේට සාපේක්‍ෂයි.
අප
යමක් හොඳ ය කියන විට එය ගුණාත්මක ඇගයීමක් ලෙස ගන්නවා. එය නිරීක්‍ෂකයාට සපේක්‍ෂයි. මට හොඳ දෙයක් තවත් කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. අප එකිනෙකාට හොඳ කියන ගුණය පිළිබඳ එකිනෙකාගේ නිර්ණායක තියෙනවා. එහෙත් පරීක්‍ෂණයකින් පළමු වැන්නා වීම ඊනියා වාස්තවික නිරපේක්‍ෂ දෙයක් ලෙස සලකන්න අප පූරුදු වෙලා තියෙනවා. පළමුවැන්නා තෝරන්නේ ලකුණු මත පදනම් ව. ලකුණු වාස්තවික කියා හිතනවා. එහෙත් ඒ එසේ නො වෙයි.
ලකුණු
දීමේ පටිපාටි තියෙනවා. පටිපාටිය වෙනස් කළොත් ඒ ඒ සිසුවාට ලැබෙන ලකුණු වෙනස් වෙනවා. පටිපාටිය අනුව ලකුණු වෙනස් වෙන නිසා එක් පටිපාටියකට අනුව පළමුවැන්නා වෙනත් පටිපාටියකට අනුව දහවැන්නා වෙන්න පුළුවන්. එවිට පළමු පන්සිය දෙනා ආදිය ද වෙනස් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන්නේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් බැවින් පටිපාටිය මත ලකුණූ තීරණය වන බැවින් සිසුන් කිහිප දෙනකු හරි ලකුණු දීමේ පටිපාටි නිසා විශ්වවිද්‍යාලවලට
ඇතුල් වීම වැළැක්වෙනවා.
ලෝකයේ
මහා බැංකු අධිපතීන් ශ්‍රේණි ගත කෙරෙන්නේ යම් යම් නිර්ණායක මත පදනම් වී. ඒ නිර්ණායක සකස් කරන්නේ යම්කිසි කණ්ඩායමක් විසින්. ඒ සාපේක්‍ෂයි. මහා බැංකු අධිපතිවරයකු සතු ව තිබිය යුතු ගුණ මේ මේ යැයි තීරණය කරන්නේ මිනිසුන් කණ්ඩායමක් විසින්. ඔවුන්ට ඇති ඊනියා වාස්තවික නිර්ණායක මොනවා ද? මේ නිර්ණායක සකස් කරන්නේ සංස්කෘතියකට සාපේක්‍ෂ ව. මහා බැංකු අධිපති මොන වගේ පුද්ගලයකු විය යුතු ය කියා තීරණය කරන්නේ ලෝක ආර්ථිකය හසුරුවන පුද්ගලයන් මිස අප නො වෙයි. නිර්ණායකවල කිසිම නිරපේක්‍ෂතාවක්
නැහැ.
මහා
බැංකුව මේ දිනවල කියනවා උද්ධමනය අඩු ය කියා. ඒත් අදත් ගෑස් මිල වැඩිවෙලා. උද්ධමනය අඩු වුණාට භාණ්ඩ මිල අඩුවෙන්නෙ නැහැ. මහා බැංකුව උද්ධමනය ගණනය කිරීමේ දී යොදා ගන්නා නිර්ණායක මොනවා ද? නියැදි ලබා ගන්නේ කෙසේ ද? උද්ධමනය ගණනය කිරීීමේ දී යොදා ගන්නා ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. සංඛ්‍යානයේ මොන කතා කිවුවත් ඔය ගණනය කිරීම් කාට හරි කුමකට හරි (අවසානයේ දී කාට හරි යම් සංස්කෘතියකට ) සාපේක්‍ෂයි. අර කතාවක් තියෙනවා බොරු පට්ටපල් බොරු සංඛ්‍යාන කියා. ඒ කතාවත් නිරපේක්‍ෂ වාස්තවික නැහැ.
ඊයේ
ලිපියේ සඳහන් කළ බුද්ධි ඵලකයත් යම් සංස්කෘතියක තනා ගත් නිර්ණායක අනුව ගණනය කෙරෙන්නක්. සුද්දා යන විට මේ රට මෙයට වඩා හොඳ තත්වයක තිබුණා කියන්නේ සුද්දා හදා දුන් නිර්ණායක අනුව නම් ඒකෙන් කියැවෙන්නේ කුමක් ද? සුද්දා යන විට මා හිතන විධියට ඉංගිරිසි මාධ්‍ය නිදහස් අධ්‍යාපනය ප්‍රාථමික පංතිවලට සීමා වී තිබුණෙ. එදා තිබුණු තත්වය අනුව ජනගහණයෙන් ඉතා අඩු ප්‍රතිශතයකට පමණයි විශ්වවිද්‍යාලයට (ලංකා) ඇතුල් වෙන්න පුළුවන්කම තිබුණෙ. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන ප්‍රතිශතය රටේ හොඳ බව මැනීමේ නිර්ණායකයක් ලෙස යොදා ගන්න කියල මා යෝජනා කරනවා නො වෙයි. එය කිසිසේත් ම වාස්තවික නිර්ණායකයක් නො වෙයි.
අපි
බීබීසි 4 වැනි නාළිකාව ගැන පසුව කතා කරමු. ඔය බීබීසිය අපක්‍ෂපාත ගුවන් විදුලියක් ද? අපක්‍ෂපාත රූපවාහිනියක් ද? බීබීසිය සේවය කරන්නේ කාට ද? මහා බැංකුව සේවය කරන්නේ කාට ද?