විද්‍යාඥයෝ හා පඬි නැට්ටෝ
මෙයට අවුරුදු පනහකට පමණ පෙර ඉන්දියාවේ කොල්කතා (එකල කල්කටා) නගරයෙහි දීි මට ලංකාවට එන දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය වුණා. මා ඉන්දීය ගුවන් සේවයේ කොල්කතා කාර්යාලයට ගියා. එහි සිටියවුන් සාමාන්‍ය ඉන්දියානුවන්ට වඩා තරමක් බටහිරකරණයට ලක් වූවන්. ඔවුන් සමග කළ කතා බහේ දී මට වැටහී ගියේ ඔවුන් ලංකාව ඉන්දියාවට වඩා දියුණු රටක් ලෙස සැලකු බවයි. ඒ ඔවුන් සිතූ ආකාරයට අප බටහිරකරණයෙන් ඉන්දියාවට වඩා ඉදිරියට ගොස් සිටි බැවින්.
මගේ
වාසනාවකට මට කුඩා කාලයේ සිට මෙරට ප්‍රභූන්ගේ දරුවන් දැන ගැනීමට ලැබුණා. වාසනාවක් යැයි කිව්වේ ඔවුන් සිතන පතන ආකාරය ගැන දැන ගැනීමට හැකි වූ බැවින්. ඔවුන් කතා කෙළේ ඉංගිරිසියෙන්. ඉංගිරිසි උච්චාරණය ගැන ඔවුන් සැලකිලිමත් වූවා. ඔක්ස්බ්‍රිජ් නමින් එකල හැඳින්වුණු උච්චාරණය තමයි වඩාත් ගෞරවයට පාත්‍ර වුණේ. ඔක්ස්බ්‍රිජ් යන්න ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් එකතු කිරීමෙන් හදා ගත් වචනයක්. ඉංගිරිසි සිරිත් විරිත් අනුකරණය කිරීමටයි ඔවුන් වෑයම් කෙළේ. එංගලන්ත ඕස්ත්‍රේලියා ටෙස්ට් තරග පැවැත්වෙන දිනවල පංතිය දෙකට බෙදී එ ඒ කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්‍ෂා කළා.
ඔවුන්
ඉන්දීයයන් ඉංගිරිසි උච්චාරණය කරන ආකාරයට හිනහ වුණා. මදර් ඉන්ඩියා යන්න ර ශබ්ද කර කීම වැනි අවස්ථා හිනහවට ලක් වුණා. ක්‍රිකට් රගර් ටෙනිස් වැනි ක්‍රීඩා තමයි අගය කෙරුණේ. විශේෂයෙන් ම සිංහලයන් අනුකරණයෙහි දී ඉදිරියෙන් සිටියා. එකල දෙමළ ජනයාගේ උච්චාරණයත් හිනහවට ලක් වුණා. හී කම්ස් ෆ්‍රොම් ජැෆ්නා (He comes from Jaffna) වැනි නාට්‍ය මගින් නොයෙකුත් දේ කියැවුණා. ඒ අවුරුදු හැට හැත්තෑවකට පමණ පෙර.
වැඩි
කල් යෑමට පෙර ඒ ආකල්ප ගමට ද ගියා. අද බිග් මැච් නැති පාසල් ඇත්තේ ඉතා ම ටිකක් වෙන්න ඕන. තවම ටෙනිස් ප්‍රචලිත වෙලා නැති වුවත් රගර් ක්‍රීඩාව බොහෝ පාසල්වලට ගිහින්. එහෙත් ඒ සියල්ලන් ප්‍රභූන් අනුකරණය කළත් ඔවුන්ට ප්‍රභූන් වෙන්න බැහැ. මෙරට අමරසේකර කියන උගත් ගැමි තරුණයන්ගේ ප්‍රශ්නය එයයි. ඊනියා ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයේ මුල එතැනයි. එය බොරු මාක්ස්වාදී කතාවලින් වහා ගන්න හදනවා. ප්‍රභූන් අනුකරණය කළත් ප්‍රභූන් වීමට බැරි වීම තමයි මෙරට වරද්දාගත් පරපුරේ ප්‍රශ්නය.
ප්‍රභූන් බටහිරයන් අනුකරණය කරනවා. අනෙක් අය මෑතක සිට ප්‍රභූන් අනුකරණය කරනවා. එහෙත් ප්‍රභූන් ඒ අනෙක් අය සතපහකට මායිම් කරන්නේ නැහැ. මේ ඉංගිරිසින් ඇති කළ අධ්‍යාපනයේ ප්‍රතිඵල. එකල අපට ඉගැන්නුවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි යන්න. මට දිනක් විදුහල්පතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (එකල එතුමා අමාත්‍යාංශයේ සේවය කෙළේ) හමු වී කේම්බ්‍රිජ් යන්නෙ නැති බව පැවසූ විට පුදුමයට පත් වුණා.
ගුණදාස අමරසේකර විශ්‍රාම ගැනීමෙන් පසු පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ එවකට පීඨාධිපති අශෝක අමරතුංගගේ ආරාධනයෙන් එහි දේශනයකට ගිහින් තියෙනවා. එහි දී ඔහු කියා තියෙනවා එතැන සිටි ශිෂ්‍යාවන්ගෙන් සිංහල කවුද යන්න ඇඳුමෙන් පැළඳුමෙන් කියන්න පුළුවන් කියා. අපේ කාලයේ දී සිසුවියන් බොහෝ විට සාරියෙන් සැරසී සිටි බව කී විට වත්මන් සිසුවියන් පුදුම වේවි. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මා ස්ත්‍රින් ලවා සිංහල සංස්කෘතිය ආරක්‍ෂා කරන්න හදනවා කියා.
අපොයි
නැහැ. මා කියන්නේ අප උගතුන් වී ඇති බවයි. අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අප බටහිර දැනුමට විලාසිතාවලට ආකල්පවලට ගරු කරනවා. අපේ දේ මිථ්‍යා ලෙස සලකනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතාමත් පසුගාමී එකක් ලෙස සලකනවා. එහි කිසිම අලුත් දෙයක් නැති බව කියනවා. අප නිර්මාණශීලිත්වයෙන් නම් පසුගිය අවුරුදු පනහක පමණ කාලයෙහි කිසිම දෙයක් කර නැති බව නම් කියන්න ඕන.
අපේ
නොවන අපේ විශ්වවිද්‍යාල එයට විශාල ප්‍රමාණයකට වග කියන්න ඕන. අප දැන් කියන කවි ලියන්නේ නැහැ. ලියන්නේ කියවන කවි. ඒවා නිසඳැස් ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. ඒ කියවන කවි ලියන නිසා දැන් ගයන්න වෙන ම කවි ලියන්න වෙලා. ඒවාට ගේහ පද කියා නමකුත් දාගෙන. අපේ දැනුම මිථ්‍යා ලෙස සැලකීමට අපට ඉගැන්වෙනවා.
අප
කොතරම් බටහිරයන් අනුකරණය කළත් කොතරම් සුඛොපභෝගී වාහනවල ගමන් කළත් තට්ටු දෙකේ තුනේ ගෙවල් හැදුවත් නුවර පෙරහැරට හිනහ වුණත් අපට රොකට්ටුවක් යවා ගන්න බැහැ. සිංහලයන්ගේ අනුකාරකත්වය එන්න එන්න වැඩි වෙනවා. එකල ගේට් යන්න ගේට්ටුව ලෙස සිංහලයට අවශෝෂණය කිරීමට අපට හැකි වුණා. ෆර්නැන්ඩුලා ප්‍රනාන්දුලා වුණා. එක් වෙබ් පිටුවක එය හිනහවට ලක් කරලා තිබුණා නම් පරිවර්තනය කරන්න බැහැ කියලා. ඔහු දන්නෙ නැහැ පරිවර්තනය හා අවශෝෂණය අතර වෙනස. එහෙත් ඒ තැනැත්තා ම දෙවුන්දර යන්න ඩොන්ඩ්‍රා ලෙස ඉංගිරිසියෙන් ලියනවා.
අද
අපි ගේට්ටුව කියන්නෙ නැහැ. ගේට් එක කියනවා. අප අද නාම පදයක් අවශෝෂණය කරගන්නේ එක කියන වචනය අගට යොදා ගැනීමෙන්. රොකට් එකක් ඇරියෙ චිචි විතරයි. ඒත් ඔහුට ඉන්දියාවට වඩා එක්ස්පෙන්ඩ් කරන්න වෙලා. අපේ පරම්පරාවට තිබූ නිර්මාණශීලිත්වයවත් වරද්දා ගත් පරම්පරාවට නැහැ. අප දන්නේ නුවර පෙරහැරට හිනහ වෙන්න. දන්ත ධාතුන් වහන්සේ ඇතා පිටින් ගෙන යෑමට විරුද්ධ වෙන්න. අදෘශ්‍යමාන බලවේගවලට හිනහ වෙන්න. අප තාමත් යන්නේ කැන්ඩි නැත්තන් ගෝල්. ඒ මදිවට කේගෝල් යනවා.
අවුරුදු පනහකට ඉහත ඉන්දියාව හිටි තැන නො වෙයි අද ඉන්නෙ. ඔවුන් බටහිර දැනුම ලබා ගත්තා. එහෙත් තම සංස්කෘතියට දැනුමට හිනහ වුණේ නැහැ. හිනහ වෙන්නෙ නැහැ. ඔවුන් සුඛෝපභෝගි රියවල ගමන් කෙළේ නැහැ. අද ඉන්දියාව ලෝක බලවතෙක්. පහුගිය දා චන්ද්‍රයානය හඳේ දකුණු පැත්තට ගොඩ බැස්සුව. රුසියාවටත් එය කරන්න බැරි වුණා.
එහෙත්
ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය (ISRO – Indian Space Research Organisation) තම සංස්කෘතියට හිනහ වුණේ නැහැ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි විද්‍යාඥයන් චන්ද්‍රයානය වෙනුවෙන් යාඥා කිරීමට තිරුපති කෝවිලට ගිය අයුරු. ඔවුන් පඬි නැට්ටන් තරම් දන්නෙ නැහැ.