Main Logo

Sunday 15 February 2015

හෙළ උරුමය දෙ ජා සංධානයට අතවනයි

හෙළ උරුමය දෙ ජා සංධානයට අතවනයි

පසුගිය දා පැවති පුවත්පත් සාකච්ඡාවක දී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක දෙමළ ජාතික සංධානයට ඇමති මණ්ඩලයට එක්වන ලෙස ආරාධනය කර ඇත. කිනම් සන්දර්භයක කියවුණත් එයින් පැහැදිලි වනුයේ අද හෙළ උරුමයේ ස්ථාවරය ය. හෙළ උරුමය වෙනත් දේශපාලන පක්‍ෂවලට ද වඩා අවස්ථාවාදී ය. එහි නායකයන්ට අවශ්‍ය කෙසේ නමුත් බලයට පත්වීමට ය.

ඔවුහු ඒ සඳහා වරෙක ජාතිය විකුණති. කලක් ජාතිය මළකඳක් බව පැවසු ඔවුහු පසුව ඒ ඊනියා මළකඳ කරගසාගෙන ගියහ. ඔවුන් අද වන විට ඒ ඊනියා මළකඳ බිම තබා ඇත්දැයි නො දනිමු.  

හෙළ උරුමය උතුරු පළාතේ  පළාත්සභා මැතිවරණය පැවැත්වීමට පවා විරුද්ධ විය. එහි දී ඔවුන් කියා  සිටියේ දෙමළ ජාතික සංධානයද ඇතුළු දෙමළ ජාතිවාදී පක්‍ෂ තම බෙදුම්වාදී ප්‍රතිපත්ති අත්හැර නොමැති බැවින් ඒ පක්‍ෂවලට දේශපාලනය කිරීමට අයිතියක් නොමැති බව ය. 

එහෙත් අද හෙළ උරුමය දෙ ජා සංධානයට ඇමතිකම් ගැනීමට ආරාධනය කරයි. දෙ ජා සංධානය අද වන විට තම බෙදුම්වාදී ප්‍රතිපත්ති අස්කර ගෙන ඇත්දැයි අපි නො දනිමු.     

නලින් ද සිල්වා 


2015 පෙබරවාරි 15