Main Logo

Monday 2 February 2015

ම්හින්ද තවමත් ජනාධිපති


මේ ලිපිය ආණ්ඩුව මොහාන් පීරිස් සම්බන්ධයෙන් තව තවත් අනාගනියි යනුවෙන් කාලය වෙබ් අඩවියේ (www.kalaya.org) පළවී ඇති ලිපියේ ම දිගුවකි.

ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් මෙරට කිසි දිනෙක අගවිනිසුරු ලෙස ක්‍රියා කර නැත. ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇය පත්කරනු ලැබූ දිනයේ සිට ඊයේ පෙරේදා ඇය විශ්‍රාම යන තුරු මෙරට අගවිනිසුරුවරිය විය. ඉන්පසු අගවිනිසුරු වී ඇත්තේ ශ්‍රී පවන් මහතා ය.

මොහාන් පීරිස් මහතා මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නැත්නම් ඔහු තමා අගවිනිසුරු යැයි කියමින් දෙන ලද තීන්දු, ප්‍රකාශ කරන ලද මත, පත්කරන ලද විනිශ්චය සභා ආදිය පමණක් ඔහු ඉදිරියේ දිවුරුම් දුන් නීතිඥයන්ගේ දිවුරුම් ද බලරහිත හා ශූන්‍යඅමපෂ වෙයි. අප කලින් ලිපියෙහි දක්වා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යඅමපෂවස්ථාවේ 119 වගන්තියෙන් මෙයට ගැලවීමක් නො ලැබෙයි. 

මහින්ද රාජපක්‍ෂ මහතා තමා තුන්වැනිවර තරග කිරීම පිලිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා සිටියේ ය. මොහාන් පීරිස් මහතා සභාපතිත්වය දැරූ ඒ මහතා විසින් පත්කරන ලද පුර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කරන ලද මතය වුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරකට ද ජනාධිපතිධුරය සඳහා තරග කළ හැකි බව ය. එහෙත් ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් නමින් අගවිනිසුරුවරයකු මෙරට කිසි දිනෙක කටයුතු කර නැත. එසේ නම් ඔහු විසින් පත්කරන ලද වින්ිශ්චය මණ්ඩලයක් තිබී නැත. එසේ නම් ඒ ඊනියා විනිශ්චය මණ්ඩලය විසින් පළ කරන ලද මතයක් ද නැත.

එසේ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණයක් පවත්වන ලෙස උපදෙස් දුන්නේ මේ නැති විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කළේ යැයි කියන මතය අනුව ය. ඒ මතය නොවන්නට ජනාධිපතිවරණය බොහෝ විට පැවැත්වීමට තිබුණේ තව අවුරුදු දෙකකිනි. ඊනියා මතයක් තිබිණ ද මහින්ද රාජපක්‍ෂ මහතාට එයට කන්නොදී සිටිය හැකිව තිබිණි යැයි ඇතැමුන් තර්ක කිරීමට ඉඩ ඇත. එහෙත් එය සම්භාව්‍යඅමපෂ ගණයට අයත් තර්කයකි. සිදුවූයේ ඊනියා මතය (ආණ්ඩුව කියන ආකාරයට ඊනියා) අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්ට උපදෙස් දීමත් ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණයක් පැවැත්වීමත් ය.

ජනාධිපතිවරණය පැවැත්වූයේ ඊනියා මතය ප්‍රකාශ කිරීම නිසා ය. එහෙත් ආණ්ඩුවට අනුව ඒ මතය බල රහිත හා ශූන්‍යඅමපෂ වෙයි. එසේ නම් ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. ශූන්‍යඅමපෂ වූ මතයක් උඩ පැවැත්වූ ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. එවිට එහි ජයග්‍රහකයා ද බල රහිත හා ශූන්‍යඅමපෂ වෙයි. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තේරී පත් වී නැත. මැතිවරණ කොමසාරිස්වරයාට මහින්ද රාජපක්‍ෂ මහතා තරග නොකළේ යැයි උපකල්පනය කරමින් මෛත්‍රීපාල සිරිසොන මහතා ජයග්‍රාහකයා යැයි තීරණය කිරීමට ද නොහැක්කේ එයින් පනස්අට ලක්‍ෂයක පමණ ඡන්දදායකයන්ට වෙනත් අපේක්‍ෂකයකුට ඡන්දය දීමට තිබූ අයිතිය පැහැර ගැනෙන බැවිනි. මොහාන් පීරිස් මහතා නමින් අගවිනිසුරුවරයකු නොසිටියේ නම් මෛත්‍රිපාල සිරිසේන නමින් ජනාධිපතිවරයකු ද නැත.

ආණ්ඩුවේ තීරණය පරිදි ශිරාණි බණ්ඩාරණයක මහත්මිය පසුගිය දා විශ්‍රාම යන තුරු අගවිනිසුරුවරිය වූවා ය. ඒ අයුරින් ම තර්ක කරන්නේ නම් මහින්ද රාජපක්‍ෂ මහතා තවමත් මෙරට ජනාධිපති ය.



නලින් ද සිල්වා

2015 පෙබරවාරි 02