සම්බන්ධන් හා යුද්ධාපරාධ
මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන්
හා පිරිස රණවිරුවන් යුද්ධාපරාධිකරුවන් ලෙස තීන්දු කර අවසන්. ඔවුන්ට අවශ්‍ය විදේශීය විනිශ්චයකරුවන් සහිත අධිකරණයකින් රණවිරුවන්ට
දඬුවම් පැමිණවීම පමණයි.
ඔවුන් ලංකාවට අවුරුදු දෙකක් කල් දුන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීමට. ඒ යෝජනාව මෙන් ම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් දීමට මෙවර සම්මත කර
ගත් යෝජනාවත් ඉදිරිපත් කෙරුණේ ලංකාව එක් යෝජකයකු වෙමින්.