යථාර්ථය නිර්වචනය කිරීම - 2
රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ
පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග
පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන
(සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා
කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය
කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ
නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර්
යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා
දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ
අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය.
මෙහි ඈය කලින් පෙන්වා සිටියේ නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් ඇති බව.
ඇය යථාර්ථ විභව ගැනත් කීවා. ඉයන් ජෝන්ස් නමැත්තා යථාර්ථයක් ඇති බව හෝ නැති බව
නොවෙයි ඇගේ ප්‍රශ්නය බව කියා ඇය බේරා ගැනීමට තැත් කළා. එහෙත් මා ඇගෙන් උපුටා
ගැනීම් සහිතව පෙන්වා දුන්නේ ඇය නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව පෙන්වීමට
උත්සාහ දරා ඇති බව. පසුව ඇය එයට නිසි පිළිතුරක් නොදී අපට එකඟ විය හැකි බවක් කීවා.
එතැනින් එහාට මා තර්ක කරන්න ගියේ නැහැ. මා ඇයට ස්තුති කළා.
මෙරට පමණක් නොව පිටරට මහාචාර්යවරුන්ටත් ඇත්තේ උපකල්පන පමණයි. ඔවුන්
හිතනවා නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව. එහෙත් එය කිසි දිනෙක පෙන්නන්න
පුළුවන් එකක් නො වෙයි. අප යථාර්ථය යැයි
කියන්නේ අපේ හිතළුවකට. අපට ඇත්තේ යථාර්ථයක් නොව යථාර්ථ. ඒ ඊනියා යථාර්ථ නිරීක්‍ෂකයාගෙන්
සවායත්ත නැහැ.
බටහිරත් ඉතා විශිෂ්ට ගණයේ චින්තකයන් ඇත්තේ ස්වල්පයයි. අනෙක් අය
විශ්වවිද්‍යාලවල ඊනියා පර්යේෂණ ආයතනවල බොරු පත්‍රිකා පළ කරනවා. විශිෂ්ට ගණයේ අය
අලුත් කතන්දර ගොතනවා. ලංකාවේ විශිෂ්ට ගණයේ කිසිවකු නැහැ.