පෙරමුණ ගැන තවදුරටත්
මා හිතනවා ඊයේ පළ කළ අදහස් තවදුරටත් විස්තර කළ යුතු ය කියා. ඇතැමුන්
ලිපියක වචනයක් හරි වාක්‍යයක් හරි අල්ල ගෙන ඒ ගැන කතා කරන්නේ වෙනත් අරමුණු සහිත ව.
මා දැන් සාමූහික වැඩවල නිරත වන්නේ නැහැ. ජාතිකවාදීන් අතරත් ඒ ඒ අයට විවිධ න්‍යාය
පත්‍ර තියෙනවා. ජාතිකවාදී කඳවුරෙන් මා පිටමං කිරීමට වෙහෙස දරන අයත් ඉන්නවා. මා
ජාතිකවාදී මතවාදයක හිටියත් ඉන්නේ පිටස්තරයකු ලෙස. මා පිටස්තරයකු කෙළේ ජාතිකවාදීන්
ම මිස වෙනත් අය නො වෙයි. මා ජනමාධ්‍යයෙන් ඉවත් කිරීමට මුල් වූයේත් ජාතිකවාදීන් හා
ඊනියා ජනතාවාදීන්.