දිලිත්ගේ ආතලය හා මගේ දුක
චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය
දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි.
දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය
කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම්
හොඳයි. දිලිත් ජයවීර කොළඹ ඇවිල්ල තියෙන්නෙ වයස දහඅටේ දී පමණ වෙන්න ඇති අර දෙහිවල බෝඩිමට.
මා අවුරුදු හතේ දි පමණ කොළඹට එන්න පටන් ගත්තෙ. තාමත් එනවා. දිලිත් වගේ නොවෙයි
සම්මත මිණුම් දඬු අනුව මා අසාර්ථක මිනිහෙක්.