සිංහල ලිත් ඉලක්කම්
කොවිඩ් 19, වීරයෝ හා මැතිවරණය
නිරෝධායනය කියන වචනය තේරුම් ගැනීමට නොහැකි ව ඇතැම් පිරිසක් ඉන් කට්ටි පනින්න හදල තියෙන බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකු තමන් ඉතාලියේ සිට පැමිණෙන බව වසන් කිරීම සඳහා එංගලන්තය ප්‍රංශය ආදී රටවලින් ගුවන් යානාවලට ගොඩ වී තියෙනවා. මුල සිට ම දෙයියන්නෙ ලෙඩක් ඒකට වෙන් කරන්න ඕන කිවුව නම් සමහර විට ප්‍රශ්න බොහොමයක් විසඳ ගන්න තිබුණා.
එහෙම වුණත් සමහර උදවිය ඉන්නේ බෑන් චූන් සංස්කෘතියෙ. ඒකට ආතල් සංස්කෘතිය හරි ෆන් සන්ස්කෘතිය හරි කිවුවත් කමක් නැහැ. ආණ්ඩුව මේ දිනවල නිවාඩු දීල නැහැ. සෙනසුරාදා ඉරිදා පමණයි නිවාඩු. අනෙක් දවස්වල ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. ඒ කොහොම වුණත් ගෙදර ඉන්නෙ ෆන් ගන්න නොවෙයි. මේ කාලෙ සමහරු සිරීපාදෙ යන්නෙත් ෆන් ගන්න.