සිංහල ලිත් ඉලක්කම්
ස්විස් චීස් හා ඉන්දීය සමෝසා
විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපතිට, අගමැතිට හෝ විදේශ අමාත්‍යාංශයට නම් එය විධිමත් වුවත් නැතත් පැමිණිල්ලක් ලෙස භාර ගැනීමට සිදු වෙනවා.